කාන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකිකයෙකුට ඇගයීමක්

Avatar Cinema.lk A | May 25, 2015 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකේය නවකතාකරුවෙකු මෙන්ම හිටපු ළමා සොල්දාදුවෙකු වුණු සොර්බා ශක්ති  මෙවර කාන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රංගනය වෙනුවෙන් Palme d’Or සම්මානය දිනාගෙන ති‍බේ.

ප්‍රංශ සිනමාකරුවෙකු වන ෂාක් අවුඩියාද් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘දීපන්’නමැති චිත්‍රපටයේ හොඳම රංගනය වෙනුවෙන් මොහු සම්මානයට පාත්‍රවී ඇත.

ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට පලා එන සංක්‍රමණිකයින් තිදෙනෙකු එර‍ට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා පවුලක් ලෙස එක්වීම හා ප්‍රංශ ජන සමාජය තුළ මුහුණදීමට සිදුවන ගැටළු පිළිබඳ මෙම චිත්‍රපටයේ අන්තර්ගතය.

ළමා සොල්දාදුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කලක් කටයුතු කර ඇති සොර්බා ශක්ති සැබවින්ම ප්‍රංශයට පලාගිය සංක්‍රමණිකයෙකි.

ඒ නිසාම මෙම චිත්‍රපටයට ඔහුගේ සැබෑ අත්දැකීම් ගණනාවක්ද එකතුකිරීමට අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන ඇති බවත්,ස්ත්‍රී චරිතයකට පණ පොවන තමිල්නාඩුවේ කාලීශ්වරී එරට රංග කලාව පිළිබඳ හැදෑරීම් ඇත්තියක බවත් සඳහන්ය.

අද දෙරණ

Share

38 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.