ලංකාවෙන් ජාත්‍යන්තර සිනමා උළෙලක්

Avatar Cinema.lk A | May 30, 2013 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

ජාත්‍යන්තර සිනමා උළෙලක් ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කොළඹ සිනමා උළෙල (Colombo Film Festival) ලෙස පවත්වන මේ සිනමා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පැවැත් වූ බව චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර සිනමා උළෙලක් ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම විශාල අඩුපාඩුවක් බව පෙන්වා දෙන අශෝක සේරසිංහ මහතා සාර්ක් කලාපීය චිත්‍රපට කේන්ද්‍ර කර ගනිමින් සාක් චිත්‍රපට උළෙල වාර්ෂිකව පැවැත්වීම අගය කළ යුතු බව කීවේය.

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රය තරගකාරී මට්ටමක පවතින බවත් විදෙස් සිනමා උළෙලවල දී ලාංකීය චිත්‍රපට මහත් ඇගයීමකට ලක්වන බවත් කී සභාපතිවරයා විශාල පිරිවැයක් වැය වුවත් ජාත්‍යන්තර සිනමා උළෙලක් පැවැත්වීම කෙරෙහි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බවත් කීවේය.

කේරළ සිනමා උළෙල ජාතික උත්සවයක ස්වරූපයක් ගන්නා බව කී අශෝක සේරසිංහ මහතා ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බවද කිය.

පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාක් චිත්‍රපට උළෙල මාධ්‍ය හමුවට එක්වෙමින් අශෝක සේරසිංහ මහතා මේ බව කීවේය.

sarasaviya

Share

84 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.