සිරිල්ගේ අන්තිම කැමැත්ත

Avatar Cinema.lk A | November 22, 2013 72 Views 0 Likes 0 Ratings

72 Views 0 Ratings Rate it

මේක ටිකක් සංවේදි කතාවක්.අපේ රටින් බිහිවුණු සුන්දර මිනිසෙකුගේ අන්තිම කැමැත්ත ගැනයි මේ කියන්න යන්නේ.මේ සුන්දර මිනිසා වෙනින් කවුරුවත් නෙවෙයි.සිරිල් ධර්මවර්ධන….මීට කාලයකට පෙර තම උපන් බිම අතහැර මෙල්බර්න් හි පදිංචියට ගිය සිරිල් තමන්ගේ අවසන් කාලය වනතෙක්ම ජීවත් වුයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරයි.

සිරිල් අවසන් කාලයේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසාවෙන් හුඟාක් ඔත්පල වෙලයි හිටියේ.මේ අවසන් ටික දවසේ ඔහු ළඟින් ඉඳලා තියෙන්නේ තවත් අපේ කලාකරුවෙක්. ඒ තමයි ශ්‍රීනාත් මද්දුමගේ.සිරිල් තමන්ගේ දුර්වල හඩ අවදී කරලා ශ්‍රීනාත්ගෙන් පුංචි ඉල්ලීමක් කරලා තියෙනවා.ගීතයක් ගායනා කරන්න කියලා.මේක හෙන්රි ජයසේනයන්ගේ ‘හුනුවටයේ කතාව‘ වේදිකා නාට්‍යයේ එන ලස්සන ගීතයක්.අවසානයේ ශ්‍රීනාත් ඒ ගීතය සිරිල්ට ඇහෙන්න ගායනා කරලා තියෙනවා.මේ තියෙන්නේ ඒ ගීතය

‘යුද්ධෙට මං ගියා

ගෑනි ගෙදර තියා

මගෙ යාළුවො මං එනතුරු

උන්දෑ බලාගයි නිරතුරු….

Share

72 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.