රජ හොරු අද සිට සී. ඊ. එල්. මණ්ඩලයේ

Avatar Cinema.lk A | November 21, 2013 150 Views 0 Likes 0 Ratings

150 Views 0 Ratings Rate it

තාත්තලා පුතාලා එකතු වෙලා නිර්මාණය කරපු අපුරු සිනමා සිතුවමක් ගැනයි අපි මේ කතා කරන්න සැරසෙන්නේ.මේ ආදරණීය පුත්‍රයා තමයි සුරංග ද අල්විස්.ඔහුගේ පියා තමයි ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස්.සුරංගගේ කුළුදුල් අධ්‍යක්ෂණයෙන් ද සරත් ද අල්විස්ගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද හැඩ වු ඒ අපුර්ව සිනමා පටය නමින් “රජ හොරු“.මේ සිනමා පටය අද සිට රිත්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සුදානම් කර අවසන්.

රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත් සහ බුද්ධික ජයරත්න පළමු වරට තිරයේදී එකට රඟන මෙහි ශ්‍රියාණි අමරසේන, සඳුන් විජේසිරි, රොනී ලීච්, හිමාලි සිරිවර්ධන, හේමන්ත ඊරියගම, ඩී. බී. ගංගොඩතැන්න, ප්‍රේමදාස විතානගේ, අර්ඩ්ලි වෙදමුණි, නිශානි ගමගේ සෙසු චරිත මවනු ලබති.

රජ හොරු ඉවෝක් සමාගමේ නිෂ්පාදනයකි

සජිත වීරප්පෙරුම කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් එක්වන මෙහි කලා අධ්‍යක්ෂණය සමන් පද්මකුමාරගෙනි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රසාද් අමරසේකර සහ නිශාන්ත වීරසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද රජ හොරු සඳහා දායක වී තිබේ.

Share

150 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.