හිනා වෙලා තියෙන්නේ දමිතා

Avatar Cinema.lk A | November 15, 2013 35 Views 0 Likes 0 Ratings

35 Views 0 Ratings Rate it

නව පරපුරේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් තමයි නාලක විතානගේ කියන්නේ.අනිත්‍යා සිනමා පටය හදලා නිකන් හිටිය නැති නාලක තවත් චිත්‍රපටයන් දෙකක් හා ටෙලි නිර්මාණයකටත් අත ගැහුවා.මෙවායින් එක් චිත්‍රපටයක හා ටෙලි නිර්මාණයේ වැඩ සම්පුර්ණයෙන්ම පාහේ මේ වන විට නිම වෙලා තමයි තියෙන්නේ.ඉතින් මේ අලුත් වැඩ කටයුතු ගැන මාධ්‍ය දැනුවත් කරන්න නාලක පහුගිය දවසක පුංචි පාටියකුත් ලැස්ති කළා.

ලයිට් හවුස් හෝටලයේ සම්භාවනීය අමුත්තන් ඇතුළු මාධ්‍ය හිතවතුන් පිරිවරා පැවැති මේ උත්සවයේදී නාලකගේ අලුත්ම ටෙලි නාට්‍යය වන බෝඩිංකාරයෝ නාට්‍යයේ දර්ශන කිහිපයකුත් පෙන්වන්න කටයුතු සූදානම් කරලා තිබුණා.

බෝඩිංකාරයෝ කියන්නේ හාස්‍යෝත්පාදක නාට්‍යයක්. මෙහි දර්ශන පෙන්වන අතරතුරේදී හැමෝගේම සිනහව පරදවමින් එක් සිනහවක හඬක් පමණක් විශේෂයෙන් කැපී පෙනුණා.

මුළු ශාලාව පුරාම විහිදුවමින් ඇසුණු ඒ හඬ කාගේද කියන එක හැමෝටම ප්‍රශ්නයක්. ඒ වුණත් දර්ශනය අතරතුර ඒ කවුද කියලා නම් කාටවත් හොයා ගන්න බැරි වුණා.

කොහොම හරි කාලය ගෙවිලා ගිහින් චිත්‍රපටය හා ටෙලි නාට්‍යයේ දර්ශන කොටස් අවසන් වුණා. එසැණින්ම ශාලාවේ අඳුරු බව පහව ගොස් ශාලාව ආලෝකමත් වෙද්දීම හැමෝම බැලුවේ අර සිනහ හඬ ආවේ කොහෙන්ද කියලා. ඒ දිහා බලන කොට එතැන වාඩි වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න.

Share

35 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.