xxx වලට යන බොලිවුඩ් නිළි දීපිකා..
බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් XXX: The Return of Xander Cage හි හොලිවුඩ් නළු වින් ඩීසල් සමඟ රඟපෑමට යන බවට ආරංචියක් බොලිවුඩය පුරා පැතිරුණා. එය තවදුරටත් කටකතාවක් නොවෙයි. ඒ ගැන දීපිකා මෙලෙස අදහස් පළ කරනවා.
“ඒ චරිතය රඟ පෑමට මම බොහොම ආශාවෙන් ඉන්නේ. නමුත් මං ඊට තරමක් බියෙන් සිටින බවත් මං පිළිගන්නවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් වැදගත්ම කාරණයකුත් තියෙනවා. ඒ ගැන නම් මට සතුටුයි. මේ චිත්‍රපටයේ මගේ චරිතය අපේ සංස්කෘතිය නිරූපණය කළ හැකි චරිතයක්. සෑම වසරකම මං මගේම සුබසිද්ධිය වෙනුවෙන් ඉහල ඉලක්ක, අලුත් අභියෝග තබා ගන්නවා. එම උත්සහ සාර්ථක වී හොඳ ප්‍රතිපල ලැබෙන විට බොහොම සතුටුයි”.
පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය ඇයට හිමි වුණේ ‘පීකු’ චිත්‍රපටය වෙනුවෙන්. ඒ වගේම මෙවර වැඩිම ෆිල්ම් ෆෙයාර් සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කියූ ‘බජිරාඕ මස්තානි’ චිත්‍රපටයේ ඇය ප්‍රධාන නිළි චරිතයට පණ දුන්නා.
Written by Cinema.lk A