ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7ට දීපිකා පදුකෝන්

Avatar Cinema.lk A | September 6, 2013 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

මේ වන විට හොලිවුඩ් නිර්මාණයන් වලට විවිධ රටවල් වලින් නළු නිළියන් ආදේශ කරගැනීම සිදුවන්නේ මහා පරිමාණ වශයෙනි.ඇමරිකාව තුළ මෙන්ම ඉන්දියාව,චීනය,ඕස්ට්‍රේලියාව,ලතින් ඇමරිකාව හා යුරෝපා රටවලද තම චිත්‍රපටය සඳහා ඉහල වෙළද පොලක් ලබා ගැනීමෙන් අටියෙන් තමයි ඔවුන් මේ උපක්‍රමය සිදුකරන්නේ.

මෑත කාලයේ බිහි වු හොලිවුඩ් නිර්මාණ සඳහා ඔවුන් වැඩිපුරම ඉලක්ක කරගත්තේ බොලිවුඩ් තරුයි.ඇමෙසින් ස්පයිඩර් මෑන්,මිශන් ඉම්පොසිබල්,ලයිෆ් ඔෆ් පායි,බ්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජඩිස් හා ද ග්‍රේට් ගැට්ස්බී වැනි සුපිරි හොලිවුඩ් නිර්මාණ වල අමිතාබ් බච්චන්,අනිල් කපුර්,ඓෂ්චර්යා වැනි බොලිවුඩ් තාරකාවන් යොදා ගනු ලැබුවේ ඒවා ඉන්දියාව තුළ මාර්කට් කර ගැනීමේ අභිප්‍රායෙනුයි.හොලිවුඩයට යන බොලිවුඩ් තාරකාවන් අතර අලුතින් ඇහෙන්න ලැබෙන්නේ දීපිකා පදුකොන්ගේ නමයි.මේ විදියට දඟකාර දීපිකාට වහ වැටිලා ඉන්නේ සුපිරි ක්‍රියාදාම නළු වීන් ඩීසලුයි.ඔහු තමන්ගේ අතිසාර්ථක ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්  සිනමා පටයේ සත්වැන්න සඳහා මේ දගකාර ඉන්දියානු කෙල්ලගේ දායකත්වය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්වාලු.

ආරංචියේ හැටියට මෙහි තිර පරික්ෂණයන් සඳහා තවත් ඉන්දියානු නිළියන් කිහිප පලක්ම සහභාගී වෙලත් තියෙනනවා.ඒ වුනාට මේ චිත්‍රපටයේ එන සුපිරි කාර් සමඟ හැප්පෙන්න පුළුවන් දීපිකා වැන්නියකට පමණක් බවටයි බොහෝ දෙනාගේ මතය.කෙසේ වෙතත් දීපිකා තාමත් මේ ගැන හරි තොරතුරක් මාධ්‍ය වෙත ලබා දීලා නැ.අතිසාර්ථක චිත්‍රපටයක් වු චෙන්නායි එක්ස්ප්‍රස් වලින් පස්සේ දීපිකා කාලය ගතකරන්නේ ෆාරා කාන්ගේ නවතම චිත්‍රපටයේ රූ ගත කීරිම් කිරීම් කටයතු එක්කයි.ඒ චිත්‍රපටයේත් ප්‍රධාන නළු නිළි යුවළ වන්නේ ෂාරුක් හා දීපිකායි.

Share

46 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.