මහේෂි මාව දැක්කම පණ බයේ දුවනවා – මේනකා මධුවන්ති

Avatar Cinema.lk A | September 5, 2013 81 Views 0 Likes 0 Ratings

81 Views 0 Ratings Rate it

සාමාන්‍යයයෙන් කලා ලෝකය පවතින සීතල යුද්ධ ගැන දැනගන්න අපි කා තුළත් තියෙන්නේ පුදුමාකාර ආසාවක් නේ.නළුවන් කෙසේ වෙතත් කාලෙන් කාලේට හැප්පෙන නිළියන් ගැන කතා කරන එකත් එක්තරා විදියක ප්‍රිය උපදවන දෙයක් බවට පත් වෙලා.දමිතගෙයි,සේමිණිගෙයි යුද ගිනි දැල් වියැකි ගිය සැනින්ම යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ නවක ටෙලි නිළියන් දෙපලක්.එක් කෙනෙක් මහේෂී අනෙත් කෙනා මේනකා…මේ දෙන්නා ගැන ඉතින් වැඩි විස්තරයක් කරන්න ඕන වෙන්නේ නැනේ.මේ දෙන්නා අතරේ පවතින මේ විරසකයට හේතුව වෙලා තියෙන්නේ රූ ගත කිරීමකදී ඇති වු බහින්බස් වීමක්ලු.මේ හේතුව නිසා ඒ ටෙලි නිර්මාණයේ සිටි වේශ නිරුපණ ශිල්පියාට පවා පාරට බහින්න සිදුවී ඇති බවටයි කනින් කොනින් ආරංචි වෙන්නේ.කොහොම හරි දැන් මේ ප්‍රශ්නේ පත්තර වල හෙඩ් ලයින් දාන තරමට දුරදිග ගිහින් ලු.දැන් මේ දෙන්නේ ප්‍රසිද්ධ පුවත්පත් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා හරි හරියට බැනගන්නවලු.පසුගිය දවසක මේනකා මේ රණ්ඩුව ගැන ප්‍රධාන පුවත්පතකට මෙන්න මේ විදියේ අදහසකුත් පලකරලා තිබුණා

 

* මේනකා, ඔබ සහ මහේෂි අතර මේ වන විට යම් විරසකයක් ඇති වී තිබෙනවා. මොකක්ද ඊට හේතුව?

මං සාමාන්‍යයෙන් බොහොම පාඩුවේ ඉන්න කෙනෙක්. හැබැයි ඕන කෙනෙක් එක්ක මං හරි සුහදයි. චායා දර්ශන තලයේ හැමෝත් එක්කම මං මේ වනකම් හොඳින් ගනුදෙනු කරනවා. මේ තත්ත්වය දරාගන්න බැරි මහේෂි දිනක් මං ලොකේෂන් එකට එන්න කලින් කියලා තියනවා එතන අයට මාව ගණන් ගන්න එපා කියලා. ඒක බොහොම සැර පරුෂ විදිහටයි කියලා තියෙන්නේ.ඒ නාට්‍යයේ හිටපු මේකප් ආටිස් සමීර මහේෂි කියපුවා රෙකෝඩ් කරලා මට අහන්න දුන්නා. මේක දැනගත්ත මහේෂිට හරිම ලැජ්ජයි. ඒක වහගන්න මගෙත් එක්ක බහින් බස්වීමක් ඇති වුණා. එතැනින් තමයි ගැටුම ඇති වුණේ.

* මහේෂි දැන් ඔබට මුහුණ දෙන්නේ නැතිලු නේද?

ඔව් අනේ. මාව දැක්කම එයා පණ බයේ දුවනවා.

Share

81 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.