දුලානි අනුරාධාට තවත් එකක්

Avatar Cinema.lk A | January 2, 2014 216 Views 0 Likes 0 Ratings

216 Views 0 Ratings Rate it

විජය කුවේණි සිනමා පටයෙන් අනතුරුව ඒ චිත්‍රපටයේ නිර්මාණකරුවන් විසින් තවත් එවැනි ඓතිහාසික පසුබිමක් ඇති චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සුදානම් වේ.මේ චිත්‍රපටය නමින් ඇහැළේපොළ කුමාරිහාමි..

ඓතිහාසික චරිතයක් වු ඇහැළේපොළ කුමාරිහාමිගේ ජීවිතය පාදක කරගනිමින් නිර්මාණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාව සඳහා තෝරාගෙන ඇත්තේ පෙර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැවු ප්‍රවීණ රංඟන ශිල්පිණි දුලානි අනුරාධයි.සුගත් සමරකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් හා ගයාන් රණධීරගේ නිෂ්පාදනයෙන් හැඩවෙන මේ සිනමා සිතුවමට ජැක්සන් ඇන්තනි, ලකී ඩයස්, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස්, සුසිල් පෙරේරා, හා සුගත් විජේසේකර යන රංඟන ශිල්පීන් දායක වීමට නියමිතයි

කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂවරයාය. ශ්‍රීලාල් වික්‍රමගේ ගේ නිෂ්පාදන කළමනාකරණයකි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියායි.සිංහල සිනමා වංශකතාවට අලුතින්ම එක්වන මේ ඓතිහාසික චිත්‍රපටයේ මුහුරත් උළෙල හෙට (03) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

Dulani Anuradha _actresslk.com-65 Dulani Anuradha_srimodel.blogspot.com (8) Dulani Anuradha_srimodel.blogspot.com (20) Dulani Anuradha_srimodel.blogspot.com (15) dsc1336he4999 dulani anuradha (14)

 

 

Share

216 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.