පෝල් වෝකර් බලන්න ලංකාවේ සිනමාශාලා වලට විශාල සෙනඟක්

Avatar Cinema.lk A | April 8, 2015 145 Views 0 Likes 0 Ratings

145 Views 0 Ratings Rate it

වැල්ලවත්ත සැවෝයි හා බම්බලපිටිය මැජෙස්ටික් සිනමාශාලා ද්විත්වයෙන් මේ දිනවල චිත්‍රපටයක් බලන්න ටිකට් එකක් ගන්නවා කියන්නේ හරියට ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්.ඇත්තටම මේ සිනමාශාලා දෙක මේ දිනවල ප්‍රේක්ෂකයන්ගෙන් පීරි ඉතිරි යන්නේ වෙන දෙයක් හින්දා නෙවෙයි “ෆාස්ට් ඇන්ඩ් දී ෆියුරියස්“ සිනමාපටයේ අලුත්ම චිත්‍රපටය තිරගත වෙන නිසයි.මේ සෙනඟ දෙගුණ තෙඟුණ වෙන්න තවත් හේතුවක් තමයි පෝල් වෝකර්..

රට්ටු කියන මේ කතාවල ඇත්ත නැත්ත බලන්න අපිත් ගියා මේ සිනමාපටය බලන්න.අපි ගියේ හවස හයට මැජෙස්ටික් එකට…වැඩේ ඇත්ත ඒක හවුස් පුල්..වැඩේ අත් ඇරපු නැති අපේ කට්ටිය ගියා සැවෝයි…ඒකත් හවුස් පුල්….ඒත් එතන හිටිය සෙනඟ පෝලීමේ ටිකට් ගන්නවා.ඒ රාත්‍රී 10 ෂෝ එකට..අන්තිමට අපිට බලන්න හම්බුනෙත් රාත්‍රී දර්ශනය.ඇත්තටම මේ චිත්‍රපටය බලන්න ඇවිත් හිටිය සෙනඟ දැක්කම පිස්සු වැටෙනවා.චිත්‍රපටය බලන්න ආපු හැමෝම සිනමාශාලාව ඉදිරියේ රැදී හිටපු ආකාරය දැක්කම අපේ අයගේ පික්චර් පිස්සුව ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.ෆිල්ම් එක පටන් ගන්න කලින් විහිළු තහලුවෙන් හිටිය හැමෝම චිත්‍රපටය අවසානයේ එළියට ආවේ කඳුළු පිරි දෙනෙතින්..

ඡායා – කසුන් දීගොඩගමගේ

Share

145 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.