ගයත්‍රිගේ අලුත්ම වැඩේ මාට්ටු වෙයි
ගයත්‍රී ඩයස් කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න නිහතමානීම රංඟන ශිල්පිණියක්.තමන් ගැනවත් හිතන්නේ නැතිව පැනලා අනුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන තරමේ හොඳ හිතක් තියෙන ගයත්‍රී අද අලුත් වැඩක් පටන් ගත්තා කියලා අපිට පොඩි ආරංචියක් ආවා.හොයලා බැලින්නම් වැඩේ ඇත්ත..“ඩ්‍රීම් බැන්ක් ඉවෙන්ටි“ කියලා ඇය අලුත් වැඩක් පටන් අරන්.“බැන්ක්“ කියල කිව්වට බැන්කුවක් නෙවෙයි.මේක ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයක්.ඒ විතරක් නෙවෙයි,කලින් නුගේගොඩම තිබුණු ගයත්‍රීගේ සැලුන් එකත් අද පටන් තියෙන්නේ එතැනමයි.
නො – 137\2 එස් ද එස් ජයසිංහ මාවතේ තියෙන අලුත් තැනින් ඉස්සර වගේම ගයත්‍රී මුණ ගැහෙන්න පුලුවන්.ඡායාරූප ශිල්පි මෙවන් ලියනගේ ගත්ත පොටෝ ටිකක් තමයි ඔය පහලින් තියෙන්නේ.ඉතින් ඇයට හැමදාමත් ආදරේ කරන මාධ්‍ය ආයතනයක් විදියට දෙරණේ අපි හද පත්ලෙන්ම ඇගේ අලුත් වැඩේට සුභ පතනවා.
Photo – Mewan Liyanage
Written by Cinema.lk A


















