ශී්ර සිද්ධාර්ථ හි රඟපාන ඉන්දීය නළු නිළියන්
ශී්ර සිද්ධාර්ථ ගෞතම” ශී්ර ලංකාවේ සැබැ ලෙසම වැඩිම මුදලක් යොදවා නිෂ්පාදනය කළ චිත්රපටය වන අතර, එය වසර පහක් තිස්සේ විශාල කණ්ඩායමක් කැප වීමකින් යුතුව කටයුතු කොට අවසන් කර ඇති සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තියේ සිට බුද්ධත්වය තෙක් සිදුවීම් මත මෙතෙක් ලෝකයේ එම තේමාව මත නිපද වු අංග සම්පුර්ණ සිනමා කෘතිය යැයි කිව හැක. හොලිවුඞ් පුරවරයෙන් නිපදවු ”ලිටිල් බුද්ධ” හෝ ඉන්දියාවේ නිපද වු ”සිද්ධාර්ථ” වැනි චිත්රපටයක බෞද්ධ ලෝකයා අපේක්ෂා කළ පරිපුර්ණත්වය නොතිබුණි. එමෙන්ම ලෝකයේ ථෙරවාදී බුදුදහමේ මුලස්ථානය වන ශී්ර ලංකාව තුළින් මෙය නිපදවීමට හැකිවිම ද මහත් භාග්යයකි.
සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධත්වය දක්වා හටගත් සුවිශේෂී සිදුවිම් මත දිග හැරෙන මෙම සිනමා කෘතිය තුළ මෙතෙක් නරඹන්නා නුදුටු එහෙත්, කලාකරුවන් විසින් උපකල්පනය කරණු ලබන සිද්ධාර්ථ කුමාරයාගේ හා යශෝධරා දේවියගේ වියෝව තුළින් නිර්මාණය වන සංවේදි ආදර කතාවක් ද සියුම් ලෙස අන්තර්ගත වේ.
මෙම චිත්රපටියේ ප්රධාන චරිත සඳහා නළු නිළියන් තෝරා ගැනිම පිළිබඳව ද නිෂ්පාදන කණ්ඩායම මුල සිට ම දැරු මතය වුයේ සිද්ධාර්ථ කුමරුගේ චරිතය යශෝධරා දේවියගේ චරිතය හා මහාමායා දේවියගේ චරිත සඳහා විදේශ නළු නිළියන් භාවිතා කළ යුතුය යන්න ය.
කෞෂල්යා වික්රමසිංහගේ සහ ඉන්දියාවේ ශහිද් හසන් යන අයගේ ද සහාය ඇතිව උතුරු ඉන්දියාවට ගොස් ශිල්පින් 200 කින් පමණ සිද්ධාර්ථ කුමරු සදහා ද යශෝධරා දේවිය ස`දහා ද මහමායා දේවිය හා දේවදත්ත කුමරු ස`දහා ද ඉන්දිය නළු නිළියන් තෝරා ගත් අතර, සිද්ධාර්ථ කුමරු ලෙස ගගන් මලික් ද, යශෝදරා දේවිය ලෙස අන්චල් සිං ද, මහමායා දේවිය සදහා අංශු මලික් ද, දේවදත්ත කුමරු ලෙස ගෞතම් ගුලාටි ද ඒ සඳහා යොදා ගැණුනා.මේ චිත්රපටිය හා දායක වු ඉන්දීය නළු නිළියන් මෙම සිනමා පටය ගැන දැක් වු අදහස් හා ඔවුන් ගැන තොරතුරු බිඳක් පහතින් දක්වා ඇත.
ගගන් මලික්
නවදිල්ලියේදී උපත ලද ගගන් මලික් පදිංචිව සිටින්නේ මුම්බායි නගරයේය. ඔහු ව්යාපාරික පවුලකට අයත් තැනැත්තෙකි.ඔවුන් ව්යාපාර වශයෙන් සිදුකරන්නේ ස්වර්ණාභරණ අලවියයි.ගගන් මෙන්ම ඔහුගේ දෙමව්පියන් ද ආගම දහමට ලැදී දනට පිනට බොහොම කැමති දෙපලක් ලු.මේ චිත්රපටය ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවැන්නක්.
‘‘ස්වර්ණාභරණ අලෙවි කරන ව්යාපාරයක් අප සතුයි. මගේ දෙමාපියන් ඉතාම ආගමානුකූලව ජීවත් වන අයයි. ඒ නිසාම තමයි මට මෙම චිත්රපටයේ රඟපෑමට අවකාශය ලැබුණේ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. සහෝදරයින් හතර දෙනෙකුගෙන් යුතු පවුලේ බාලම කෙනා මමයි. තව එක් සහෝදරියක් සිටිනවා. ඒ අය මට හරිම ආදරෙයි. මාත් ඒ අයට හරිම ආදරෙයි. මම ඉගෙන ගත්තෙ නවදිල්ලියේදීයි.
මම මුළදී ක්රිකට් ක්රීඩාව කළා.ඒත් දැන් ඒකෙන් ඇත් වෙලා.අද මගේ වෘත්තිය රඟපෑමයි. රාමායනය ඇසුරින් කළ වෘතාන්තයක් මේ දිනවල ශ්රී ටී.වී. ඔස්සේ විකාශය වනවා. මම එහි රාම රජු ලෙස රඟපානවා’’
මෙලෙසින් අදහස් දැක්වූ ගගන්, මේ සිද්ධාර්ථ චරිතය ලැබීම පෙර වාසනාවක් යැයි සඳහන් කළේය. මෙවැනි උත්තම පූජනීය චරිතයක් රඟපෑම වෙනුවෙන් බුද්ධාගමේ සහ බුදුන්වහන්සේගේ දහමේ ආශිර්වාදය ලබාගත් බවද ප්රකාශ කළ හේ ශ්රී ලංකාවට මහත්සේ ගෞරව කරන්නෙකි. සාද හා උත්සව කිසිවකට දායක නොවන ගගන්, පොත් කියවීම සහ චිත්රපට නැරඹීම විනෝදාංශ කරගෙන සිටී. විවාහකයකුවන ගගන් බිරිඳ පූජාට වඩාත් ගරුකරන බව කියයි.
අන්චල් සිං
නව යෞවනියක වන අන්චල් පන්ජාබයේදී උපත ලද තැනැත්තියකි. නවදිල්ලියේ වැඩි කොටසක් වාසය කළ ඇයගේ පවුලේ අය දැන් වෙසෙන්නේ මුම්බායි නගරයේය. යශෝධරා චරිතය ගැන ඇය ප්රකාශ කළේ මෙලෙසිනි.
‘‘යශෝදරා යනු මතුපිටින් ඇති ලස්සනට වඩා ඇතුළාන්තයෙන් ලස්සන චරිතයක්. ඒ වගේම ආදරය කියන්නෙ කුමක්ද යන්න පහදා දුන් ගැහැණියක්. ආදරය යනු පරිත්යාගයක් නම්, ඒ පරිත්යාගය කළ ඉහළම කෙනා ඇයයි. සහතිකෙන්ම අපේ පවුලේ අය හරිම ආගමානුකූලව ජීවත් වන අයයි. මේ චරිතය ලැබීමෙන් පසු මම තවත් ආගමානුකූල වුණා. මිනිසත්බව ලැබීම ඉතා දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ මිනිසත් බවට වටිනාකමක් දීම ඉතා වටිනා දෙයක්. මේ වගේ චරිතයක් රඟපෑමට ලැබීම ඒ ජීවිතයේ මා ලද විශාල භාග්යයක්.
අංශූ මලික්
![Queen Prajapathi and Queen Maya [1024x768]](https://cinema.lk/wp-content/uploads/2013/03/Queen-Prajapathi-and-Queen-Maya-1024x768.jpg)
මහාමායා දේවියගේ චරිතය රඟපාන අංශු මලික්ද ආගමානුකූල ජීවිතයක් ගත කරන තැනැත්තියකි. වයස අවුරුදු 26ක් වන අංශුද ශ්රී ලංකාවට මහත්සේ ආදරය කරන තැනැත්තියකි. සනත් ජයසූරිය මෙන්ම බොහෝ කි්රකට් තරුවලට ඇය වඩාත් ප්රිය කරන්නීය.
ගෞතම් ගුලාටි
![Prince Devadatta (Gautam Gulati) [1024x768]](https://cinema.lk/wp-content/uploads/2013/03/Prince-Devadatta-Gautam-Gulati-1024x768.jpg)
වයස අවුරුදු 25ක් වන ගෞතම් රංගනයට පිවිස ඇත්තේ වයස අවුරුදු 20දී පමණය. දේවදත්ත චරිතයට බොහෝ දෙනා වෛර කරන අතර එය සාධාරණ වෛරයක් බව ඔහුගේ අදහසය. තමා මේ චරිතය ඉතා කැපවීමෙන් කළ බව සඳහන් කරන ගෞතම්ද මේ චරිතය ලැබීම පුරුවෙ පිනක් ලෙස සළකයි.
Written by Cinema.lk A


