උපේක්ෂාට හාදු වැලක්.

Avatar Cinema.lk A | March 9, 2013 154 Views 0 Likes 0 Ratings

154 Views 0 Ratings Rate it

බෝම්බ හා රෝස කියන්නේ මේ දිනවල ඉතාමත් සාර්ථක අයුරින් තිරගත වන වෙනස්ම මාදිලියේ කතා පුවතක් අඩංගු අපුරු චිත්‍රපටයක්.පසුගිය දිනවල මේ චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩාමත් එක්ක කළ කතා බහේදී මේ චිත්‍රපටය හදන අතර වාරයේ උන රසබර සිද්ධි කිහිපයක් ගැන දැන ගන්නට ලැබුණා.ඉතින් එයින් එකක් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි දැන් මේ හදන්නේ.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපණය කරන විශ්වට වුනු සිද්ධියක් තමයි මේක.මේ චිත්‍රපටියේ අවසාන හරියේදී විශ්වට සිදුවුනා සිප ගැනීමේ දර්ශනයකට පෙනී සිටින්න.පිටපතේ හැටියට මෙහෙම සිපගන්න තියෙන්නේ උපේක්ෂාව තමයි.දන්වනේ ඉතින්…විශ්ව දඟකාර හැඩකාර කොලු ගැටයෙක් වුනාට ටිකක් ලැජ්ජකාරයානේ.මීට පෙර කළ හැම රංගනයක්ම අනුරුද්ධට ඕන විදියටම විශ්ව කරලා දුන්නත් මේ දේ නම් මේ කොල්ලට හරියට කරගන්න බැරිවෙලා තියෙනවා.මේ දර්ශනය රූ ගත කරන අවස්ථාවේ සිටි පිරිස කියන විදියට මේ සිද්ධිය වෙන වෙලාවේ විශ්ව දැක්කනම් ඇත්තටම දුකත් හිතේයිලු.

ඉතින් කොහොම හරී විශ්වගේ වැඩ හින්දා උපෙක්ෂාට හාදුවක් දෙන දර්ශනය වැඩි වාර ගනණක් රූ ගත කරන්නත් සිදුවෙලා.විශ්ව කියන විදියට උපේක්ෂාව සිඹින්න යන හැම වාරයකදීම තමන්ට තමන්ගේ අම්මව මතක් වෙනවාලු.එතකොට ඒක හරියට කරගන්න බැරි වෙනවාලු.විශ්ව මෙහෙම කිව්වට එතන හිටපු අය නම් කියන්නේ උපේක්ෂාව වැඩි වාර ගණනක් සිපගන්න ඕන කමට විශ්ව එහෙම කරා කියලයි.

IMG_7692 [1280x768] IMG_8169 [1280x768] IMG_8170 [1280x768] IMG_8175 [1280x768] IMG_8171 [1280x768]

Share

154 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.