මනිරත්නම්ගේ නවතම චිත්‍රපටය…කඩල්
මනිරත්නම් කියන්නේ ඉන්දීය සිනමාව තුළ සෑම විටකම අලුත් යමක් කරමින්,උසස් රසවින්දනයක් සහිත සිනමා නිර්මාණ දායාද කළ සොඳුරු නිර්මාණකරුවෙක්.රෝජා,දිල් සේ,බොම්බේ මැතකදී ඔහු අතින් නිර්මාණය වු ගුරූ,රාවන් වැනි චිත්‍රපට හරහා ඔහු ඉන්දීය වාණිජ සිනමා ධාරාව තුළ ඉමහත් පෙරළියක් ඇති කරමින් සිටි.අතීශය වාණිජකරණය වු සිනමා කර්මානතයක් තුළ හිදිමින් උඩුගම් බලා පිහිනා යන මේ මහා නිර්මාණකරුවා මෙවරද සැරසෙන්නේ පෙර පරිදිම අමුතුම මාදිලිය කතා තේමාවක් රැගක් චිත්‍රපටයක් බිහි කිරීමටයි.
කඩල්….මේ ඔහුගේ නවතම සිනමා පටයයි.මනිරත්නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරියන් සඳහා තෝරා ගෙන ඇත්තේ ඔහුගේ පැරණි චිත්‍රපටයන් වල රඟපෑ සුපිරි ද්‍රවිඩ නළු කාර්තික් ගේ පුතණුවන් හා 90 දශකයේ සුපිරි තාරකාවක් වු රාධාගේ දියණියයි.මේ චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ මහ මුහුදයි.ඉතාමත් ආකර්ශණීය ගීත කිහිපයකින් සමන්විත මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ඒ.ආර් රහුමානුයි.තවමත් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට දිනයක් යොදා නැතිමුත් මේ වසරේ පෙබරවාරී මාසයේ දී මෙහි ප්‍රදර්ශන කටයුතු ඇරඹීමට කටයුතු යොදන බවටයි සංවිධායකයින් පවසන්නේ.
Written by Cinema.lk A
