කරීනා,සයිෆ් යුග දිවියට

Avatar Cinema.lk A | October 16, 2012 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

සුපිරි බොලිවුඩ් තාරකාවන් දෙපලක් වන සයිෆ් අලීකාන් සහ කරීනා කපුර්ගේ විවාහ මංගල්‍ය අද දින මුම්බාහි උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.පසුගිය ඉරිදා විවාහ චාරිත්‍රයක් වු සන්ගීත් උත්සවය බන්ද්‍රා හී කපුර් නිවසේදී පැවැත්වුණු අතර මෙහෙන්දි උත්සවය සඳුදා දිනයේදී පවත්වන ලදී.තවද ඔවුන් දෙපලගේ මිතුරු මිතුරියන් සඳහා වු ප්‍රිය සම්භාෂණ උළෙල මේ මස 18 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

සයිෆ් ගේ පියා වන මන්සූර් අලී ඛාන් පටෝඩි මියගොස් වැඩිකලක් නොමැති බැවින් මෙම විවාහ උත්සවය විශාල නොවනු ඇතැයි පැවසේ. කරීනා – සයිෆ් විවාහ චාරිත‍්‍ර උත්සවය සයිෆ් ගේ මහගෙදර පැවැත්වුණු අතර, ඒ සඳහා ඔවුන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන් පමණක් සහභාගී වී ඇත.විවාහයෙන් පසුව කරීනා දිගටම සිනමා නිර්මාණවලට දායකවන බවත්, ඇය වසරකට චිත‍්‍රපටි දෙකක පමණක් රගපානු ඇති බවත් ඉන්දීය මාධ්‍ය කියා සිටියි.

Share

50 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.