චිරං ජයතු ලෙස්‌ටර්

Avatar Cinema.lk A | April 5, 2016 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

ලෝක පුජීත මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද දින සිය අනුහත් වැනි ජන්ම දිනය සැමරුවා.

1955 දී රේඛාව නිර්මාණය කරමින් හෙළ සිනමාව වෙනම මානයකට ගෙන ගිය ලෙස්ටර්,නිර්මාණය කළ සංදේශය, නිධානය, ගොලු හදවත, දෙලොවක්‌ අතර, රන්සළු, අක්‌කර පහ, මඩොල්දූව, වීරපුරන්අප්පු, කලියුගය, පින්හාමි, බැද්දේගම, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව, ප්‍රේක්‍ෂක විචාරක පැසසුමට ලක්‌විය. “අම්මාවරුනේ” ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ අවසන් චිත්‍රපටය වේ.

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතා වෙනුවෙන් අද

(05 දා) බම්බලපිටිය ඒ මහතාගේ නිවසේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කෙටි, චාම් උත්සවයක්‌ ද පැවැත්වේ

 

Share

56 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.