මැඩ්රාස් කැෆේ චිත්‍රපටයේ ගීතයන්

Avatar Cinema.lk A | August 9, 2013 93 Views 0 Likes 0 Ratings

93 Views 0 Ratings Rate it

ජෝන් ඒබ්‍රහම්ගේ රංඟනයෙන් හා ඔහුගේම නිෂ්පාදනයෙන්ම හැඩවෙන කලින් ජැෆ්නා ලෙස නම් තබා පසුව මැඩ්රාස් කැෆේ නම් වු ඒ අපුර්ව සිනමා සිතුවම එන තෙක් බොහෝ දෙනා තුළ ඇත්තේ නොඉවසිල්ලකි.ඉන්දියානුවන් තුළ මේ චිත්‍රපටය ගැන යහපත් ආකල්පයක් තිබුනත් තමිල්නාඩුවේ වෙසෙන ද්‍රවිඩ ඉන්දියානුවන්ට නම් මේ චිත්‍රපටය නයා අඳුකොල ගානට තීත්ත වී ඇත.

ඍජුවම  L.T.T.E සංවිධානයට පහර ගසමින් නිපදවා ඇති චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය නම් කරමින් මෙය වාරණය කිරීමට දත කන්නේ තමිල්නාඩුවේ චිත්‍රපට නිෂ්පාදකයින් පිරිසකි.මේ කරුණ නිසාත් මේ චිත්‍රපටය සුන්දර දුපතක් වු ශ්‍රී ලංකාවේ රූ ගත කර ඇති නිසාත් මේ චිත්‍රපටය දැක බලා ගැනීමට මෙරට ප්‍රේක්ෂකයන් තුළ ද දැඩි උනන්දුවක් පවති.

අන්තර්ජාලය තුළ මේ චිත්‍රපටයට අදාල රූප රාමු ඒ තරම් ප්‍රමාණයක් මුදා හැර නොතිබුණත් මේ චිත්‍රපටයේ ගීත ජවනිකා කිහිපයක් නම් පසුගිය දිනක අන්තර්ජාලය තුල දැකගන්න ලැබුණා.ඉතින් මැඩ්රාස් කැෆේ චිත්‍රපටයට ආදරය කරන ඔබ වෙනුවෙන් ඒ චිත්‍රපට ගීතයන් කිහිපය ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න අපි තිරණය කරා.

Share

93 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.