මහේෂිගේ ෆේස් බුක් පාස්වර්ඩ් උස්සලා

Avatar Cinema.lk A | September 23, 2014 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

මහේෂි මධුෂංකා කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංඟන ශිල්පිණියක්.ඇය නව පරපුරේ නිළියක් නිසාම දෝ කොහොද ඇයත් මේ කාලේ ජනප්‍රිය සමාජ වෙබ් අඩවි නිතර පරිහරණය කරන්නියක්.තමන්ගේ රසිකයන් හා කතාකරන්න,එදිනෙදා වන සිදුවීම් වාර්තා කරන්න තමන්ගේ ෆේස් බුක් පිටුව පාවිච්චි කළ මහේෂි එය සාර්ථකව පරිහරණය කළ කෙනෙක්.නමුත් ඇයගේ කාර්යබහුලත්වය මත ඇගේ ෆේස් බුක් ගිණුම පහුගිය දවස් වල අප්ඩේට් කරලා තියෙන්නේ ඇගේ සමීපතමයෙක්.සති දෙකක් විතර කාලයක් ඇගේ ෆේස් බුක් ගිණුමේ සියලුම වැඩ කටයුතු හොයලා බලලා කරලා තියෙන්නේ මහේෂිගේ මේ සමීපතමයා.ඒත් දැන් හිටි හැටියේම මේ සමීපතමයා ගාව තිබුණු ෆේස් බුක් පාස්වර්ඩ් සියල්ලම මහේෂී ආපහු අරන්.ඒ මදිවට ඒ ගැන ඒ කියලා අද වීඩියෝවකුත් තමන්ගේ ෆේස් බුක් අඩවියේ පළ කරලා.ඒ වීඩියෝවේ තියන විදියට දැන් අයේමත් තමන්ගේ ගිණුම තමන්ම අප්ඩේට් කරනවලු.ඒ වගේම පහුගිය සති දෙකේ දාපු දේවල් ගැන ඇය තමන්ගේ රසිකයන්ගේ සමාවත් ඉල්ලලා තියෙනවා.මේ තියේන්නේ මහේෂී දාපු ඒ විඩියෝව

 

Share

57 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.