නිළි රැජිනට යාවජීව සම්මානයක්

Avatar Cinema.lk A | March 7, 2014 37 Views 0 Likes 0 Ratings

37 Views 0 Ratings Rate it

එතෙක් මෙතෙක් කාලයක මෙරට සිනමාලෝකයේ පහල වු අග්‍රගන්‍ය කලාකාරිණියක වු මාලනී ෆොන්සේකා මැතිණියගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් මේ දිනවල ප්‍රංශයේ ඩොව්ලි ඒෂියා සිනමා උළෙලේ දී පැවැත්වේ.මේ අයුරින් ප්‍රදර්ශනය වුයේ මාලනී ෆොන්සේකා මැතිණිය රඟපෑ නිධානය, බඹරු ඇවිත් සහ ආකාස කුසුම් යන චිත්‍රපට ත්‍රිත්වයි.මේ සිනමා දැක්මට සමගාමීව එතුමියව මෙම සම්මාන උළෙලේ දී යාවජීව සම්මානයෙන් ද පිදුම් ලැබීමට නියමිතය.

දහසය වැනි ඩොව්ලි ඒෂියා සිනමා උළෙලේ දී මෙතුමියගේ මෙන්ම ලෝක ප්‍රකට සිනමා කරුවන් දෙදෙනකු වන ජපානයේ හිදෙයෝ නකාතා සහ තායිවානයේ ත්සායි මින්ලියාන් ගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් ද අයත්ය.මෙතුමිය මෙම සිනමා දැක්මෙන් අනතුරුව යුනෙස්කෝව මඟින් සංවිධධානය කළ ආකාස කුසුම් සිනමාපටයේ විශේෂ දර්ශනයක් සඳහා ද සහභාගි වෙයි.

Share

37 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.