ෂරපෝවාත් එනවායි කියන්නේ

Avatar Cinema.lk A | December 7, 2012 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

ටෙනිස් කියන්නේ ලොකු කුඩා කාගෙත් ආදරය දිනාගත් ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්.බොහෝ දෙනා මේ ක්‍රීඩාවට මෙන්ම එහි ක්‍රීඩක,ක්‍රීඩිකාවන්ටද දක්වන්නේ ඉමහත් ඇල්මක්.ඒ නිසාම තමයි ටෙනිස් පිටියේ සිටින බොහෝමයක් අය ලොව ප්‍රචලිත චරිත වෙලා තියෙන්නේ.එහෙම අප කාගේත් ආදරයට පාත්‍ර වු ටෙනිස් ලෝකයේ සිටින සුරූපී අහිංසිකාව තමයි මාරියා ෂරපෝවා.ඇය සතුව පවතින ක්‍රීඩා කෞෂල්‍ය මෙන්ම උප්පත්තියෙන්ම උරුම රූපශ්‍රීය නිසාවෙන් වෙළඳ ප්‍රචාරණ කලාව තුළද ඇයට හොද ඉල්ලුමක් පවතිනවා.

මේ වන විට මේ ක්ෂ්‍රේත්‍රයන් හැරුණු කොට තමන් සිනමාවටද එක්වීමේ සුදානමකින් පසුවන බව ඇය පවසා සිටියා.වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා පසුගියදා ඉන්දියාවට පැමිණි ෂරපෝවා ‘හින්දුස්තාන් ටයිම්ස්‘ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනුයි මේ බව ප්‍රකාශ කලේ.‘මේ දක්වා ගොඩාක් දේවල් මගේ ජීවිතයට ලැබුණා. එත් කවදාහරි දවසක හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමටත් මම කැමැත්තෙන් සිටිනවා.‘ යැයි ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියා.

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.