MOUSE 14 දා සිට රිත්මා ප්‍රමුඛ සෙල් මණ්ඩලයේ

Avatar Cinema.lk A | December 6, 2012 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

තරඟකාරී ලෝකය තුළ තව එකෙකු පගා හැල්මේ දුවන ජීවීත අපගේ මේ සමාජයේ කොතෙකුත් ඉන්නවා.අතොරක් නැති බාධකයන් හමුවේ වැඩිහිටයන් මෙන්ම කුඩා දරුවන් ද මේ සැණකෙලියේ පංගුකාරයින් වී හමාරයි.මේ තරඟකාරී ලෝකයේ වැඩිහිටයන්ගේ උවමනා එපාකම් හමුවේ අන්ත අසරණ වී ගිය සුන්දර ළමා ලෝකය ගැන සිනමාත්මක ඇසකින් කතා කරන්නට ගත් උත්සහයක ප්‍රතිඵලයක් තමයි MOUSE කියන්නේ.MOUSE වසන්ත මොරගොඩයන්ගේ කුළුදුල් චිත්‍රපටයයි.මේ සිනමා සිතුවම මේ මස මස 14 දා සිට රිත්මා ප්‍රමුඛ සෙල් මණ්ඩලයේ තිරගත කීරිමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

මොරගොඩයන්ගේම තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් හැඩවු මවුස් රොබින් ප්‍රනාන්දු, රොෂාන් රවින්ද්‍ර, ශ්‍රීමාල් වෙඩිසිංහ කෞශල්‍යා ප්‍රනාන්දු, ජයනි සේනානායක, චතුර ප්‍රනාන්දු, චන්දි රණතුංග, තිසර කුල්නිත්, අදීශ හෙට්ටිආරච්චි සමඟ ලිත්මාල් ලොකිත් යන අය විසින් රංගනයෙන් හැඩ කරනු ලබනවා.

සුරේන් රාජපක්ෂ සහ සහන් බෙල්ලන්ගමගේ කලා අධ්‍යක්ෂණයකි.. චින්තන ජයකොඩි පසුබිම් සංගීතයෙන් ද, සුනිල් දයානන්ද කෝනාර පද රචනයෙන් ද, චන්දන ඩිල්ෂාන් සංස්කරණයෙන් ද, ක්‍රිෂාන්ත ජිනේන්ද්‍රසිංහ කැමරා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා දායක වෙති.

Share

46 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.