ස්ටීව් ජොබ්ස්ගේ චරිතයට ඇෂ්ටන්

Avatar Cinema.lk | December 6, 2012 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

තාක්ෂණික ලොව පෙරළියක් ඇති කළ පුද්ගලයෙක් ලෙස Steve Jobs (ස්ටීව් ජොබ්ස්) හඳුන්වන්න පුළුවන්. ඇපල් පරිගණක සමාගමේ සභාපති හා සම ආරම්භකවරයෙක් වූ ඔහු apple iPhone වැනි සුපිරි නිෂ්පාදන මෙන්ම පරිගණක මවුසය වැනි අද ලොව නැතුවම බැරි පරිගණක උපාංග සඳහා සිය දායකත්වය සැපයූවෙකි.

Steve Jobsගේ මරණයෙන් පසු ඔහුගේ ජීවිත කතාව අලලා චිත්‍රපටයක් නිපදවීමට සූදානම් බව පසුගිය අප්‍රේල් මාසයේ දී අසන්නට ලැබුනා.  ජනප්‍රිය හොලිවුඩ් නළු Ashton Kutcher විසින් ස්ටීව් ජොබ්ස් ගේ චරිතයට පණ පොවන අතර එම චිත්‍රපටයේ ජායාරූපයක් අන්තර්ජාලයට නිකුත්ව තිබෙනවා.

මෙම චිත්‍රපටය “Jobs” ලෙස නම් කර ඇති අතර ලබනවසරේ ජනවාරි 27 වැනිදා Sundance Film Festival හීදී තිරගත කිරීමට නිෂ්පාදකයින් සියලු කටයුතු සුදානම්කර හමාරයි. කෙසේ නමුත් Walter Isaacson විසින් ලියා පල කල “biography of Steve Jobs” නම් කෘතිය අනුසාරයෙන්ද තවත් චිත්‍රපටයක් නිකුත් වීමට නියමිත බවද වාර්තා වෙනවා.

Share

44 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.