නෙහාරා රට අතහැර යන්නම යයි..[Exclusive]

Avatar Cinema.lk A | August 27, 2015 49 Views 0 Likes 0 Ratings

49 Views 0 Ratings Rate it

නෙහාරා පීරිස් කවුද කියලා හදුන්වන්න ඇය ගැන වර්ණනා ලියන්න අවශ්‍ය නැ..නෙහාරා කිව් සැනින් ඇය කවුද යන වග මුළු රටක්ම දන්නවා.බාහිර පෙනුමෙන්ම හුරුබුහුටිි අහිංසක රූපයක් ඇය සතු සේම ඇය ගතිගුණ වලිනුත් අහිංසක රුවැත්තියක්..ඇය ගැන වර්ණනා අවශ්‍ය නොවන බව මුළින්ම කියලා මේ වගේ කතා කරන්න මොකද කියලා බලනවා ඇති…

නෙහාරට ආදරේ කරන ඔයාලට කියන්න දුක්බර ආරංචියක් තියෙනවා.නෙහාරා හා මේනක අද රාත්‍රීයේදී සිය මව්බිමෙන් පිටත්ව ඇමරිකාවේ ස්ථිර පදිංචියට යනවා.නෙහාරා කියන විදියට මේක,ඇගේත්,මේනකගේත් අනාගතය වෙනුවෙන් ගත්ත තීරණයක්ලු.නෙහාරා දෙරණ පවුලත් සමඟ දැක්වුයේ ඉතා සමීප සම්බන්ධතාවයක්.ඇය වසර හතක් පමණ දෙරණේ වැඩසටහන් නිවේදනය කරලා තියෙනවා.ඇත්තටම ඇය අපේ පවුලේ කෙනෙක් වගේ.අද දිනයේ කොතෙකුත් වැඩරාජකාරී තිබුණත් ඇයට උදව් කරපු සියලු දෙනාවම බලලා යන්න ඇය හදිස්සීයේම පැමිණියේ ඇත්තටම ඇය ඉතා නිහතමානී චරිතයක් නිසාමයි.

කලා ලෝකයේ හිස් වෙන නෙහාරා මේනක අඩුව මින් ඉදිරියට පිරවිය නොහැකිවුනත්…ඔවුන් දෙදෙනාගේ ඉදිරි අනාගතයට අපි සුභ පතනවා.ඒ වගේම ඇය අවසාන වශයෙන් සහභාගී වෙන දෙරණ ටී පාටි වැඩසටහන මේ ඉරිඳා බලන්න අමතක කරන්නත් එපා.වෙනදා ඇය අප මැදිරියෙන් සිනහ වී අපෙන් වෙන් වුවත්,අද අප වෙනුවෙන් ඇය,කදුලක් දරාගෙනයි වෙන්ව ගියේ.

ඇය එලෙස පිටව යන්නට මත්තෙන් කිවු දෙයක් සිතට තදින් කා වැදුණා..

“නිවාඩුවට ආවම කට්ටිය බලලා යන්න එන්නම්“

 

Share

49 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.