වැද්දෝ ගැන පික්චර් එකක්

Avatar Cinema.lk A | April 3, 2013 312 Views 0 Likes 0 Ratings

312 Views 0 Ratings Rate it

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස අබේසේකරයන් ගේ ගුරුහරුකම් ලබමින් ලාංකේය සිනමාවට එක් වන තවත් නවක අධ්‍යක්ෂකවරියක් ගැනයි මේ කතා කරන්න සුදානම් වෙන්නේ.ඇය නමින් අනෝමානි රුද්‍රිගුයි.

තිස්ස අබේසේකරයන්ගේ වියෝවෙන් පසු තම ඉන් තම සිනමා ජිවිතයේ ඉඳිරි ගමනට බාධා පැමිණියද ඈ නම් ඇගේ සිහිනය අතඅරින පාටක් පෙන්න තිබුණේ නෑ.අවසානයේ රංග කුසලතාවත් එක්ක තිබිච්ච උනන්දුව නිසා චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස ක්ෂේත්‍රය ජයගන්න තරම් ඇය වාසනාවන්තියක වුණා

පසුගියදා බිබිල ප්‍රදේශයේ දී රූපගත කිරීම් කළ ‘සදී’ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරිය ඇයයි. මෙහි නිලන්ත හපන්වීර සම අධ්‍යක්ෂවරයකු ලෙස අනෝමානිට මඟ එළි පෙහෙළි කළා.

‘සදී’ සිංහල සිනමා වංශ කතාවට අලුත් ම කතා තේමාවක් එක්කරන සිනමා කෘතියක්. මෙහි විශේෂත්වය වන්නේ ආදිවාසීන් විශාල පිරිසක් මෙයට රංගනයෙන් දායක වීමයි.

රඟපාන්න මුලින් බෑ කිව්වත් පස්සෙ ආදිවාසීන් හැමෝම අනෝමානිට සහාය පළ කළා. එය තමා ලැබූ ලොකු ජයග්‍රහණයක් කියලයි ඇය කියන්නෙ.

ජීවන් කුමාරතුංග, රොෂාන් පිලපිටිය සමඟ අනෝමානිත් මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.

වැදි පරපුරේ සිරිත් විරිත් රැක ගනිමින් ඔවුන් අතර විශේෂයෙන් මවුපියන් හා දරුවන් අතර ඇති සැබෑ සෙනෙහස ගැන කියාපාන ‘සදී’ සිනමා ලෝලීන්ට නැවුම් රසයක් ලබාදෙන අලුත් අත්දැකීමක් වේවි.

Share

312 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.