ප්‍රදර්ශන මණ්ඩල පහ,තුනට බස්වයි

Avatar Cinema.lk A | August 28, 2015 161 Views 0 Likes 0 Ratings

161 Views 0 Ratings Rate it

මෙරට සිනමා  නිර්මාණකරුවන්ට තිබු ප්‍රධාන අර්බුදයක් තමයි ක්‍රමවත් සිනමා මණ්ලයක් නොවීම.මණ්ඩල පහක් මින් ඉහතදී තිබුණත් සක්‍රීය අයුරින් මණ්ඩල දෙකක් පමණක් පැවතීම නව නිර්මාණකරුවන්ට තදින්ම බලපැවා.මීට විසදුමක් ලබා දෙමින්  චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල පහ වෙනුවට එක් එක් සමාගම් ඒකාබද්ධ කරමින් ප්‍රදර්ශන මණ්ඩල ධාරා තුනක් යටතේ චිත්‍රපට තිරගත කිරීමේ වැඩපිළිවෙළක් ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් හඳුන්වා දී තිබේ.ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි නවතම ප්‍රදර්ශන ධාරා තුන කර්මාන්තයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇති වග දැනගන්නට ලැබේ. නවතම සිනමා මණ්ඩල අනුව පළමු ධාරාවට කොළඹ රීගල් ඇතුළු සිනමා ශාලා 44 ක් ද, දෙවැනි ධාරාවට බොරැල්ල රිට්ස් ඇතුළු සිනමා ශාලා 44 ක්ද, තුන්වැනි ධාරාවට කොළඹ ලිබර්ටි ඇතුළු සිනමා ශාලා 45 ක්ද ඇතුළත්ව ඇත. සිංහල චිත්‍රපට ප්‍රදර්ශන ධාරාවන් සඳහා වෙන් කරන ලද එක් එක් මණ්ඩලවල සිනමා ශාලා පහත දැක්වේ.

ධාරා 1

රීගල් – කොළඹ

ලිඩෝ – බොරැල්ල

ඇමිටි ලයිට් – මහරගම

ලේඛා – හෝමාගම

ඕඩියන් – ගල්කිස්ස

මාෂා – පානදුර

චිත්‍රා – කළුතර

ප්‍රින්ස් – ගාල්ල

නිව් සිනමා – මාතර

රුහුණු – තංගල්ල

හිමාලි – කිරිබත්ගොඩ

නයෝමි – ගම්පහ

සීගිරි – වේයන්ගොඩ

රත්නාවලී – ජාඇල

රීගල් – මීගමුව

රමෝගා – වෙන්නප්පුව

ජයලත් 2 – කටුනායක

මිලානෝ – කෑගල්ල

නිව් ධනසිරි – වරකපොල

එන්. අයි. ටී. – කුරුණෑගල

රීගල් – මහනුවර

ආනන්ද – ගම්පොල

ජයන්ති – පොළොන්නරුව

විජේන්ද්‍ර – අනුරාධපුර

ආසිරි – ඇහැලියගොඩ

ගන්කන්ද – පැල්මඩුල්ල

නිව් විශාඛා – ඇඹිලිපිටිය

සීගිරි – බණ්ඩාරවෙල

එච්. එච්. පී. – මොනරාගල

රිනවුන් – දිගන

රුවිනි – කඩවත

දුල්මිණි – හොරණ

ශ්‍රියා – වාරියපොල

ශ්‍රී මහල් – කුලියාපිටිය

මිහිර – මීරිගම

ටී පී – කඩුවෙල

සමාරා – නාත්තන්ඩිය

නීලා – දංකොටුව

සාගර – හලාවත

සිහින – ඇල්පිටිය

වෙලින්ටන් – කන්තලේ

ක්‍රිශාන්ත – බිංගිරිය

රැජින මාලිනී – තඹුත්තේගම

ධම්මික – වැල්ලවාය

ධාරා 2

රිට්ස් – බොරැල්ල

රිකී – කොළඹ

නැෂනල් – මහරගම

මෙට්රෝ – නුගේගොඩ

එමෙස් – මොරටුව

විජිත – රත්මලාන

ජීවන් – පානදුර

දොන් ප්ලාසා – කළුතර

නිව් මිනර්වා – කළුතර

ප්‍රින්සස් – ගාල්ල

ස්කයි ලයිට් – මාතර

නිව් දර්ශන – අකුරැස්ස

චාන්දනී – වැලිගම

කන්ට්‍රාස් – දළුගම

මේඛලා – ගම්පහ

ගැමුණු – නිට්ටඹුව

ජයලත් – – කටුනායක

රෝයල් – මීගමුව

ෂැම්රොක් – වෙන්නප්පුව

ඡායා – කෑගල්ල

සිනෙමාල් – අලව්ව

ජුපිටර් – කුරුණෑගල

වෙම්බ්ලි – මහනුවර

දිනූෂා – නාවලපිටිය

නිව් ලයින් – දඹුල්ල

සිනෙස්ටාර් – අනුරාධපුර

ගාමිණී – ඇහැලියගොඩ

එන්. අයි. ටී – රත්නපුර

මහවැලි – මහියංගනය

රෙක්ස් – බදුල්ල

රීගල් – දියතලාව

සෙන්ට්‍රල් – මාතලේ

ගැමුණු – වත්තල

දයා සෙවන – පිළියන්දල

නිව් නන්දා – නිකවැරටිය

මහ ලේකම් – කුලියාපිටිය

නිව් රේඛා – කඩුවෙල

එලයිට් – කොච්චිකඩේ

සඳලංකා – සඳලංකාව

නිව් ලිබර්ටි – අළුත්ගම

නිව් රජරට – මැදවච්චිය

මසීක් – මාදම්පේ

වීන්ස් – වාද්දුව

තරංගනී – දැරණියගල

ධාරා 3

ලිබර්ටි – කොළඹ

ඉම්පාලා – රාජගිරිය

අනූෂා – මහරගම

සැවෝයි – වැල්ලවත්ත

ක්වීන්ලන් – නුගේගොඩ

පත්මා – රත්මලාන

ටවර් – මොරටුව

ප්‍රිස්කා – කළුතර

ක්වීන්ස් – ගාල්ල

එස්. කේ. – මාතර

එච්. ආර්. – දික්වැල්ල

රෙජිනා – වලස්මුල්ල

නිකාඩෝ – කඩවත

පබ්ලික් හෝල් – ගම්පහ

නිව් රිජන්ට් – රඹුක්කන

සිනමැක්ස් – ජාඇල

ඇන්ඩෘ – මීගමුව

සුදර්ශී – ආනමඩුව

දර්ශන – කොස්වාඩිය

ටාසන් – කෑගල්ල

සරසවි – අලව්ව

සිනෙක්ස්පෝ – කුරුණෑගල

සමනල – මැල්සිරිපුර

සීතා – පිළිමතලාව

සීගිරි – කටුගස්තොට

සිනේෂා – නාවලපිටිය

රාණි – කැකිරාව

සමුපකාර – හිඟුරක්ගොඩ

විල්මැක්ස් – අනුරාධපුර

ජෝති – රත්නපුර

චන්ද්‍රා – අවිස්සාවේල්ල

නිව් ටවුන් – ඇඹිලිපිටිය

සිනෙල්මා – බදුල්ල

ජයබිම – ගම්පොල

සමන්තා – දෙමටගොඩ

නිව් චම්පිකා – ඉංගිරිය

නිව් ජානකී – මතුගම

කල්‍යාණී – හෙට්ටිපොල

ලක්බිම – කුලියාපිටිය

විජයන්ති – කඩුවෙල

ලක්මාලි – ආරච්චිකට්ටුව

රීගල් – අම්බලන්ගොඩ

රීගල් – අම්පාර

විජය – බඩල්කුඹුර

නිව් රෝහණ – තිස්සමහාරාමය

Share

161 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.