N.F.C කෙටි චිත්‍රපට තරඟයට අයදුම් පත් කැඳවයි
සිංහල සිනමාවේ දිගු ගමනක් යාමට සැරසෙන නවක ඔබට මහඟු අවස්ථාවක් උදාකර දීමේ අටියෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කෙටි චිත්‍රපට නිර්මාණ තරගය මෙම වසරේ ද පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.නවක නිර්මාණකරුවන්ගේ නිර්මාණයන්ට සහ ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන්ට නිසි ඇගයිමක් ලබා දිමේ අපේක්ෂාව පෙරදැරව සංවිධානය කරනු ලබන මේ තරඟාවලිය ලෝකයේ සෙසු කෙටි චිත්‍රපට උළෙලයන් හී තිබෙන සියලුම අංගෝපාංගයන්ගෙන් සන්නද්ධ ලංකාව තුළ දිගහැරෙන අතිවිශිෂ්ටම කෙටි චිත්‍රපට තරඟාවලියයි.
මෙහි පළමු අදියර වශයෙන් ඒ සඳහා අයදුම් පත් කැදවීම මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා.කෙටි චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳව ඔබත් උනන්දුවනික් පසුවනවා නම් එහි අයදුම් පත් සහ තරගය පැවැත්වෙන ක්‍රමවේදයන් පිළිබද විස්තර පත්‍රිකාවක් චිත්‍රපට සංස්ථාවේ සිනමා සංස්කෘතික කාර්යාංශයට පැමිණ හෝ තැපෑලෙන් ලබාගත හැකිය.
තැපෑලෙන් ගෙන්වා ගන්නේ නම් ගෙවන තැපැල් කාර්යාලය ‘ටොරින්ටන්’ යනුවෙන් සඳහන්කර සභාපති, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව නමට රු: සියයක මුදල් ඇණවුමක් සමඟ ඔබගේ ලිපිනය සහිත මුද්දර ඇල වූ කවරයක් ‘අංශ ප්‍රධානී, සිනමා සංස්කෘතිත කාර්යාංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව අංක 224, බෞද්ධාලෝක මාවත, කොළඹ 07’ යන ලිපිනයට එවිය යුතුය.
අයැදුම්පත් භාර ගැනීම එළඹෙන නොවැම්බරයේ 17 දිනෙන් අවසන්වේ.
වැඩිදුර විස්තර සදහා:0112585721 අමතන්න
Written by Cinema.lk A
