විරාගයේ අරවින්ද නැවතත් කරළියට

Avatar Cinema.lk A | October 17, 2012 189 Views 0 Likes 0 Ratings

189 Views 0 Ratings Rate it

සිංහල සාහිත්‍යයේ සුවිශේෂි සළකුණක් තැබූමාටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත නවකතා ද්විත්වයක් ඇසුරෙන් තැනූ ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ විරාගය සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ මඩොල් දූව සිනමා කෘති යුගල මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ අනුමැතිය යටතේ මේ වන විට ඩී. වී. ඩී. ගතකර ඇත.

විරාගය 1989 වසරේ තිරගත වු අතර එය ආචාර්ය තිස්ස අබේසේකරගේ චිත්‍රපටයකි.සිංහල නවකථා මඟින් බිහි කෙරුණු චරිතයන් අතරින් වැඩිම විවේචනයන්ට හා වැඩිම දෝෂාරෝපනයන්ට ලක්වූ චරිතයක් වේ නම් ඒ විරාගයේ ‘අරවින්ද’ යි.

‘විරාගය’ මූලික වශයෙන් ගලා යන්නේ අරවින්ද නම් එක් පුද්ගලයෙකුගේ ස්වයං ආත්ම විවේචනයක් ලෙසය. එය ඔහුගේ මරණින් පසු එය කියවන ‘සැමී’ විසින් සංස්කරණය කොට ඉදිරිපත් කරන්නක් සේ මෙහි දැක්වේ.

“කවර මනුෂයෙකුගේ චරිතයෙහි වුවද චරිතයෙහි අංග එකිනෙකින් වෙන් කොට හැඳිනගත නොහැකි දේදුන්නක් වැන්නයි අරවින්දගේ සංකීර්ණ චරිතයෙහි එක් අංගයක් වත් නිශ්චය වශයෙන් හඳනාගත නොහැකි වූ මම සිතුවෙමි. දේදුන්නෙහි වර්ණ එකිනෙක වෙන් කොට හැඳිනගැනීමට වෑයම් කරන්නා මිරිඟුව ඔස්සේ ගිය එකකු මෙන් වෙහෙසෙයි” – පිටුව 4, පළමු පරිච්ඡේදය (විරාගය)

“අරවින්ද තමාගේ මව්පියන්ටත් සහෝදරියටත් දැඩි ලෙස ඇල්ම කළේය. එහෙත් ඔවුන්ගේ වුවද හොඳගති මෙන් නරක ගති මිනිහෙකුගේ මළකඳ කපා පිරික්සන ව්‍යවච්ඡේඥයකු මෙන් ඔහු හෙළි කරයි. ඔහු තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන්ද අහුමුළු වල සැඟවුණු අශේබන තැන්ද හෙළි කරනුයේ පාපෝච්ඡාරණයෙන් ආත්ම ශුද්ධිය පතන්නෙකු ලෙසිනි” – පිටුව 11, පළමු පරිච්ඡේදය (විරාගය)

මෙකී මහා භාර දුර චරිතයට පණ පොවන්නේ හෙළ සිනමාවේ ප්‍රතාපවත් රංගන පෞරුෂයකට හිමි කම් කියන මහා නළු සනත් ගුණතිලකයන්ය.තම රංගන ජිවිත මාවතේ සනත් සිදු කළ මේ රංගනය ඔහුගේ සියලු රංගනයන් අභිබවා මුලසුනට පැමිණ ඇති බව එය නැරඹී කාටත් වැටහී යන කාරණාවකී.


Share

189 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.