PARI මාර්තු 2 වැනිදා සිට තිරගත වෙයි

Avatar Nisanka Weheraduwa | March 9, 2018 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

බොලිවුඩ්හි නිෂ්පාදනය වූ නවතම සිනමාපටය “PARI” මාර්තු 3 වැනිදා සිට තිරගත වීම ආරම්භ කෙරුනා. Prosit Roy නම් නවක අධ්‍යක්ෂවරයකු නිර්මාණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Anushka Sharma විසින්. අනුෂ්කාගේ නවතම රංගනය වන මේ චිත්‍රපටය ඇගේ සිනමා ජිවිතයේ සන්ධිස්ථානයක් වන බව බොහෝ විචාරකයින්ගේ මතය වී තිබුනා. ඇගේ සැමියා වන විරාත් කෝලි පවා මේ පිලිබඳ අහහස් පලකොට තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා.

Supernatural Horror Film කාණ්ඩය යටතේ වර්ගීකරණය කොට ඇති මේ චිත්‍රපටය සඳහා Parambrata Chatterjee රංගනයෙන් දායක වනවා. ධාවන කාලය විනාඩි 134. කෙසේ නමුත් මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වීමෙන් අනතුරුව පකිස්තානු රැඟුම් පාලක මණ්ඩලය මෙය තහනමට ලක්කොට තිබුනා. Black Magic සංකල්පය ඉස්ලාම් ධර්මයට අනුව අනුමත නොකරන්නක් බවත් මෙම චිත්‍රපටය හරහා ඒ පිලිබඳ ප්‍රේක්ෂකයින් තුළ පෙළඹවීමක් ඇති කරන බවත් පකිස්තානය පවසනවා. කෙසේ නමුත් පන්ජාබ් රැඟුම් පාලක මණ්ඩලය කිසිදු අර්බුධයකින් තොරව චිත්‍රපටය තිරගත කිරීමට අවසර ලබාදී තිබුනා.

Share

74 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.