වෝකර්ගේ රුපියල් කෝටී 326ක් වු බූදලය දියණියට

Avatar Cinema.lk A | February 5, 2014 93 Views 0 Likes 0 Ratings

93 Views 0 Ratings Rate it

පෝල් වෝකර් නම් හොලිවුඩයේ විසු සුපිරි රංඟන ශිල්පියාගේ වියෝවෙන් පසුව ඔහු සම්බන්ධයෙන් වු විවිධ  කාරණා ලොවපුරා කගේත් කතාබහට ලක්වුණා.ෆාස්ට් සෙවන් චිත්‍රපටය සඳහා ඔහු වෙනුවට කවුරුන් ආදේශ කළ යුතුද?ඔහුගේ මුලු දේපල කාහට හිමිවිය යුතුද? යන කාරණා ගැන ලොවක් කතා කරන්න පටන් ගත්තා.පෝල් රංඟනයේ යෙදී සිටි ෆාස්ට් සෙවන් සඳහා ඔහුගේ සහෝදරයෙක් වු කෝඩ් වෝකර් ගැනීමට ඒ චිත්‍රපටයේ නිෂ්පාදකයින් තීරණය කළේ පහුගිය වසරේ අඟභාගයේයි.මේ ප්‍රශ්නය මේ විදියට විසඳිලා ගියත් පෝල්ගේ දේපල සම්බන්ධයෙන් කිසිදු කාරණාවක් පහුගිය ටිකේ කතාවට බඳුන් වුනේම නැ.

කොහොම වුනත් පෝල් ගේ මියයාමෙන් අනතුරුව ඔහුගේ දියණිය වන 15 හැවිරිදි මිඩෝ වෝකර් රුපියල් කෝටි 326ක් ඉක්මවු පෝල්ගේ බූදලයට හිමිකම් කියනු ඇතැ බවටයි හොලිවුඩයෙන් එන ආරංචිවල සඳහන් වෙන්නේ.ඒ සඳහා ලබන 28 වැනිදා පෝල් වෝකර්ගේ අන්තිම කැමැත්ත සහ ඔහුගේ සියලූ වත්කම්වල ඇස්තමේන්තු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

 

EXCLUSIVE : Fast & The Furious 7 හි පෝල්ගේ තැනට ඔහුගේ මල්ලී කෝඩි වෝකර්

Hours (2013) – මෙතෙක් තිරගත නොවූ, Paul Walker රඟපෑ අවසන් චිත්‍රපටය – DOWNLOAD

paul-walker-meadow-walker-rebecca-mcbrain-ftr paul_meadow article-2521674-19F2DADE00000578-344_642x749 EXCLUSIVE: Paul Walker spending quality time with his daughter Paul Walker eating ice cream in Montreal, Canada

Share

93 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.