පුබුදුයි- ශේෂාද්‍රිත් පෙම් ආරවුලක.

Avatar Cinema.lk A | January 4, 2013 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

නව පරපුරේ ජනප්‍රිය තරු යුවලක් වු පුබුදු චතුරංග හා ශේෂාද්‍රි ප්‍රියසාද් අලුත්ම චිත්‍රපටයක වැඩ භාර අරගෙන තියෙනවා.මේ සිනමා පටයේ නම තමයි ‘තරු අතර මම’.පුබුදු- ශේෂාද්‍රි සුසංයෝගයෙන් තැනෙන මේ සිනමා පටය නිර්මාණය කරන්නේ බුද්ධි වික්‍රමආරච්චි නම් වූ තවත් යොවුන් සිනමාකරුවකුයි.තරු රැසකගේ රංගන දායකත්වයෙන් හැඩවෙන මේ සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දා තලවතුගොඩ සමනල හෝටල් ශාලාවේදී පැවැත්විණ.මෙහි සෙසු නළු නිළියන් වන්නේ… මහේන්ද්‍ර පෙරේරා, අයිරාංගනී සේරසිංහ, පාලිත සිල්වා, බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා, සහ ලක්ෂ්මන් මෙන්ඩිස්ය.

කැමරා අධ්‍යක්ෂණය ධම්මික රත්නායකගෙනි. සංස්කරණයෙන් රංගන සිංහාරගේ එක් වෙයි. ජනක ආර්. දොම්මිනිගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් මෙයට දායක වෙති.

Share

55 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.