රන්ජාගේ ෆස්ට්ලව් එක

Avatar Cinema.lk A | August 12, 2013 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

රන්ජන් රාමනායක කියන්නේ කලා ලෝකයේ මෙන්ම දේශපාලන ලෝකයේ ද දිදුලන තරුවක්.වෙනත් තරු අතරින් ඉහළින් වැජඹෙනා මේ තරුව තාමත් තනි තරුවක්.රිදී තිරයේ එක එක විදියේ සුන්දර යුවතියන් එක්ක ආදර ජවනිකා රඟපැවත් සැබැ ලෝකයේදීත් රන්ජාගේ හිත දිනා ගත් කීප දෙනෙක්මත් ඉඳලා තියෙනවා.

ඒවා අතරින් අපි කතා කරන්නේ රන්ජාගේ ෆස්ට් ලව් එක ගැනයි.රන්ජන්ගෙන්ම වචනෙන්ම කියනවානම් ඔහු පළමු ආදරේ ඛේදවාචකයක් ලු.රන්ජන් ඒ ගැන කියන්නේ මෙන්න මේ විදියටයි.

“ප්‍රේමය පටන් අරගෙන ප්‍රේම කළාට ස්ථිර ප්‍රේමවන්තයෙක් වෙන්න මට බැරිවුණා. මගේ මුල්ම ප්‍රේමයත් ඛේදවාචකයක්. ඒක ඒක පාර්ශ්වීය ප්‍රේමයක්. මම ප්‍රේම කරලා තිබුණේ මගේ පන්තියේ යාළුවෙකුගේ ප්‍රේම වන්තියට. ඒක දැනගෙන මගේ යාළුවා මාව රැවැට්ටුවා. අර ගෑනු ළමයා ලියන විදියට මට ලියුම් එව්වා. නමුත් අර කෙල්ල දිහා මම බලනකොට කෙල්ල මට රවනවා. ඊළඟ දවසේ ලියුමේ ලියලා යවනවා ඇයි අනේ ඔයා මට රවන්නේ කියලා. එතකොට ලියලා එවනවා සීයා දකියි කියලා. මම අම්මගෙන්, අක්කගෙන් සල්ලි හොරකම් කරගෙන ගිහින් තෑගි අරන් දෙනවා. ඒවා ඔක්කොම අර යාළුවා අරගෙන තිබෙන්නේ. අන්තිමේ මගේ තව යාළුවෙක් මට ඇත්ත පැහැදිලි කරලා දුන්නා.“

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.