බජිරාවෝ මස්තානී චිත්‍රපටය සඳහා රන්වීර් සිං අය කල මුදල

Avatar Cinema.lk A | November 23, 2015 246 Views 0 Likes 0 Ratings

246 Views 0 Ratings Rate it

Bajirao Mastani කියන්නේ සංජේ ලීලා බන්සාලිගේ නවතම සිනමා පටයයි.මේ වන විට අනතර්ජාලයට මුදා හැර ඇති මෙහි පුර්ව ප්‍රචාරක පටය නිසා මේ චිත්‍රපටය පිලිබද හුඟාක් දෙනෙක් කතා කරන්න පටන් අරන්…මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරන්න බන්සාලි තෝරාගෙන තියෙන්නේ රන්වීර් සිං,දීපිකා සහ ප්‍රියංකායි..

රන්වීර් කියන්නේ මේ වන විට ක්ෂේත්‍රයේ ඉන්න ඉතා ලොකු මුදලක් අය කරන බොලිවුඩ් නළුවෙක්.Bajirao Mastani ගැන කතා කරන හුඟ දෙනෙක් ඊළගට කතා කරේ රන්වීර් අය කල මුදල ගැනයි.ඉන්දියානු රුපියල් කෝටී 130ක පමණ මුදලක් වැය කර නිමවා ඇති මෙම සිනමා පටය සඳහා රන්වීර් කෝටී 10ක්වත් ලබා ගන්නැති බවට ඇතමුන් පැවසුවා.නමුත් ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි වාර්තා කරන විදියට රන්වීර් මෙම සිනමා පටය සඳහා එකඳු රුපියලක් වත් ලබා ගෙන නැ..කිසිදු පෙර මුදලක් ලබා නොගෙන චිත්‍රපටය තිරගත වීමෙන් ලැබෙන ලාභයෙන් කොටසක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුවක් පිට තමයි ඔහු මේ චිත්‍රපටයේ වැඩ පටන් අරන් තියෙන්නේ.

 

 

 

 

 

Share

246 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.