සේමිණීගේ නඩුවට දමිතාගෙන් කෝටි 100ක්

Avatar Cinema.lk | March 27, 2013 58 Views 0 Likes 0 Ratings

58 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එක් රංගන ශිල්පිනියක් තවත් රංගන ශිල්පිනියකට වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.

ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ විසින් දමිතා අබේරත්නට එරෙහිව රුපියල් මිලියන 500ක්, එසේත් නොමැතිනම් රුපියල් කෝටි 50ක් වන්දි ලෙස ඉල්ලා මෙලෙස නඩු පවරා ඇත. ඒ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක පැවැත්වූ සාකච්ඡාවක දී සේමිණි ගේ නම භාවිත කොට දමිතා විසින් යම් යම් ප්‍රකාශ පවසා සේමිණි ගේ කීර්ති නාමයට හානි කළේ යැයි යන චෝදනාව මතය.

නීතිඥ මයෝමි රණවක මහත්මිය මඟින් පවරා ඇති මෙම නඩුවෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම වැඩසටහන අතරතුර දී දමිතා විසින් සේමිණී මෙතෙක් ගොඩ නගාගත් ප්‍රතිරූපය බලවත් ලෙස අපකීර්තියට පත් කළ බවයි.

එමෙන්ම මෙලෙස චෝදනා සහිත එන්තරවාසිය දැන් දමිතාට ලැබී ඇති අතර ඇය පවසන්නේ තමාට එරෙහි එම චෝදනාව පවා අපහාසයක් බවත් එබැවින් එයට විරුද්ධව තමාද මිලියන 1000ක් ඉල්ලා සේමිණිට නඩු දමන බවයි.

Share

58 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.