උදයකාන්තට කුඩම්මාගේ සැලකිළි

Avatar Cinema.lk A | March 15, 2013 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

අප රටේ සිටින අති සාර්ථකම වාණිජ චිත්‍රපට නිර්මාකරුවා කවුරුන්ද යන්න ඹබගෙන් යමෙකු විමසුවොත් ඔබ ගත් කටටම කියාවී ඒ උදයකාන්ත වර්ණසුරිය කියලා.ඔව්…..ඔබ හරි..මෙරට සිනමා කර්මාන්තය තුල මෑත කාලයේ යම් අධ්‍යක්ෂකවරයෙකු සාර්ථක වී ඇති නම් ඒ උදයකාන්ත පමණක් වන බව මුළු රටම අවිවාදයෙන් පිළිගන්නා කරුණක්.එකම වර්ගයේ සිනමා පටයන්ට පමණක් සීමා නොවී විවිධ විවිධ තේමාවන් ඔස්සේ ඉතා අපුර්ව චිත්‍රපට රැසක් ලාංකේය සිනමාට දයාද කළ උදයකාන්ත ඇත්ත වශයෙන් මෙරට සිනමා කර්මාන්තය සතු මිළ කළ නොහැකි මැණිකක් බදු වටිනා වස්තුවක් හා සමානයි.

ඒත් කරුණු කාරණා එසේ වුනත් මේ මහා සිනමා ගාන්ධර්වයාට මෙරට ඇතැම් ප්‍රදර්ශන මණ්ඩවලින් කුඩම්මාගේ සැකිලි ලැබෙන බවට අපිට ආරංචි වෙලා තියෙනවා.මේ හේතුව නිසාවෙන් උදයකාන්ත තමන් විසින් නිර්මාණය කරණු ලැබු රන් කෙවිට 2 චිත්‍රපටය පෙර කියු ප්‍රදර්ශන මණ්ඩලයෙන් ඉවත් කර ගෙන තිබෙනවා. මේ ගැන වැඩි දුරටත් කරුණු දක්වමින් උදකාන්ත මෙවැන්නක් ප්‍රකාශ කර සිටියා.

“ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම විසින් ‘රන්කෙවිට 2’ චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා බාර ගෙන ඇත්තේ මීට වසර එක හමාරකට පමණ පෙරදීයි,ඔවුන් වසරකට අධික කාලයක් පුරා එම ප්‍රදර්ශන සමාගමට අයත් සිනමා ශාලාවල එහි පූර්ව ප්‍රචාරක පටය ද ප්‍රදර්ශනය කර තියෙනවා.ඒ වුනාට අපිට ප්‍රදර්ශන කාලයක් ලබා දුන්නේ නෑ. ගත වූ කාලය තුළ දී වෙනත් චිත්‍රපට වෙනුවෙන් කාලය ලබා දීම හා ඊළඟ ප්‍රදර්ශන අවස්ථාව ද අහිමි වීම හේතුවෙන් අපි මේ චිත්‍රපටය එම මණ්ඩලයෙන් ඉවත් කර ගත්තා“

Share

79 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.