ෂාරුක්ගේ ගිටාරය වෙන්දේසියේ

Avatar Cinema.lk A | December 11, 2012 124 Views 0 Likes 0 Ratings

124 Views 0 Ratings Rate it

ෂාරුක් කාන් කියන්නේ සිනමා ලෝකය තුළ දකින්න ලැබෙන ආකර්ශණීයම චරිතයක්.මේ චරිතයට මිනිසුන් කෙතරම් ලොබ බදිනවද කියනවනම් ෂාරුක් දැන් උන්මාදයක් වෙලා.මේ මහා රංගන ශිල්පියාට ආදරය කරන්නේ තරුණ වයසේ පසුවන්නන් පමණක්ම නොවෙයි.කුඩා දරුවන් පවා මේ සුපිරි වීරයාට පුදුමාකාර විදියට ආදරය දක්වනවා.ඔහුගේ අසීමිත ජනප්‍රියත්වය නිසාවෙන් ඔහු භාවිතා කරන ලද භාණ්ඩ ඉහළ වටිනාකමකට මිළදී ගන්න රසිකයන් පොර කනවා.

ආදයම් වාර්තා බිඳ හෙලමින් මේ දිනවල අති සාර්ථක අයුරින් තිරගත වන “ජබ් තක් හේ ජාන්“ චිත්‍රපටයේ ෂාරුක් පාවිච්චි කරන ලද දුඹුරු පැහැති ගිටාරය මේ වන විට වෙන්දේසී කරනු ලබනවා.e bay වෙබ් අඩවිය හරහා සිදුකරන මේ වෙන්දේසියෙදී මෙම ගිටාරය සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 8ක තක්සේරු වටිනාකමක් හිමිවෙලා තියෙනවා.හැබැයි තවමත් මේ වෙන්දේසිය ඉවර වෙලා නෑ.ඒ කියන්නේ තවමත් ෂාරුක්ගේ මේ ගිටාරය කිසිම කෙනෙක් හිමිකර ගෙන නෑ.ආරංචියේ හැටියටනම් මේ ගිටාරය වෙන්දේසියෙන් ලැබෙන මුදල් පුණ්‍ය කටයුත්තක් සදහා යොදාගනු ලබනවලු.ඉතින් බල බලා ඉන්නේ නැතුව ඔයාලත් ලන්සුවක් තියන්න කෝ…

Share

124 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.