මම පෙම්වතියක් වුණේ අවු 18දී – ෂෙරිල් ඩෙකර්
ෂෙරිල් ඩෙකර්…අපි ආදරේට ඇයට කියන්නේ අමා කියලා.ෂෙරිල් කියන නමට වඩා අමා කියන නමින් ඇය අපට තාමත් ලෙන්ගතු නිසා අපි දිගටම අමා කියලම කතා කරමු කෝ.අමා කියන්නේ මේ වෙනකොට ක්ෂේත්‍රය තුළ හොඳ නමක්,ඒ වගේම හොඳ ස්ථාවරයක් ගොඩ නඟා ගත් දක්ෂ සුන්දර යුවතියක්.ආංරචියේ හැටියට මේ දවස් අමාට ටිකක් කරදර පාටයි.මොකද පහුගිය දවසක සිදුවුනු අවාසනාවන්ත සිදුවීමත් එක්ක අමා පසුවන්නේ ටිකක් කනස්සල්ලෙන්.ඒත් දුක වේදනාව කියන දේ හොඳට ජීවිතය තුළ විඳ දරා ඇති ඇය මේ හැඟිම් ගැන මෙන්න මේ විදියට සති අන්ත පුවත්පතක් සමඟ අදහස් බෙදා ගත්තා.
ජීවිතයේ හුඟක්ම දුක හිතුණේ?
මම අත්විඳපු දෙයක් තමයි හුඟක් සතුටුවෙන හැම වෙලාවෙම දුක්වෙන්න සිද්ධ වෙනවා කියන දෙය. එහෙම මට ගොඩක්ම දුක හිතුණේ රුවනුයි මමයි ගොඩක් අමාරුවෙන් හදපු ස්ටුඩියෝ එක හොරු කඩපු දවසේ.
ජීවිතයේ ගොඩක්ම සතුටු වුණේ?
රුවනුයි මමයි විවාහ වුණ දවස.
පෙම් සිතිවිලි පහළ වුණේ?
ඉස්කෝලෙ යද්දී. එතකොට මට අවුරුදු 18යි. එයත් ඉගෙන ගන්නවා. පෙම්වතියක් බවටත් පත්වුණා. ඒත් බයෙන්නේ ඒ දේවල් කරන්නේ. ඒ නිසා ඒ කාලෙම නැති වුණා.
හුඟක්ම බය හිතුණේ?
මං බය දෙවියන් වහන්සේට විතරයි.
හොඳටම කේන්ති ගියේ?
මට මම කියන දේ තමයි හැම වෙලාවෙම හරි වෙන්න ඕන. එකක් කිව්වොත් මම දහයක් කියනවා. ඒ දවස්වල අම්මාගෙන් වැඩිපුරම ගුටිකෑවෙත් ඒ නිසා.
තනිකමක් හිතට දැනුණේ?
තනි නෑ මට කවදාවත්ම. මම ගොඩක් දෙවියන් වහන්සේ එක්ක ඉන්න කෙනෙක්. ඇයි මට තව රුවන් ඉන්නවා. අපේ මවුපියෝ ඉන්නවා.
ඉකිගහලා ඇඬුවේ?
(ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක හුරතල් වුණ… ගීතය මුමුණයි) අවුරුදු දෙකක් දෙකහමාරක් විතර ආදරය කරපු සම්බන්ධයක් තිබුණා. ඒක නැති වුණාම ගොඩක් දුක හිතුණා. පස්සේ මට හිතුණා ඇයි මම ඒ කොල්ලා වෙනුවෙන් මේ තරම් අඬන්නේ කියලා.
Written by Cinema.lk A





