ඕක බොරුවක්! මට ළමයෙක් ලැබෙන්න හිටියේ නෑ – ශෙරිල්

Avatar Cinema.lk A | November 23, 2013 143 Views 0 Likes 0 Ratings

143 Views 0 Ratings Rate it

ශෙරිල්ට හා රුවන්ට කට කතා හැදුනේ අද ඊයේක නෙවෙයි.ශෙරිල්ට රුවන් ගැලපෙන්නේ නැ,ශෙරිලුයි රුවනුයි දික්කසාද වෙලා..මේ වගේ මාතෘකා තමන්ගේ ගොසිප් වෙබ් අඩවි වල ඇතැම් මාධ්‍ය පළකලේ මේ වගේ කාරණා උණු කැවුම් වගේ මාකට් කළ හැකි නිසාවෙනි.මේ කාරණා පිළිබඳව හොඳ ඉවක් ඇති මේ මාධ්‍යකරුවන් ඊලඟ වතාවේ ශෙරිල් මව් පදවිය ලැබීමට යන බව සැළකලේ ඊට අඩුවැඩිය තමන්ගේ අතින් දමාගෙනය.

පසුගිය දින කිහිපයේම අන්තර්ජාලය පුරා හොඳින් විකිණුනු ලැබු මේ පුවත ඇතැම් වෙබ් අඩවි පළකල සිටියේ ඇතැම් පෞද්ගලික කාරණාද ඇඳා ගනිමිනි.කොයිහැටි වෙතත් දිනෙන් දින පළවන මේ අකාරයේ අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ශෙරිල් පුවත් පතකට මේ අයුරුන් අදහස් පල කර තිබුණි

“මම පසුගිය ටිකේ අසනීප වුණා.හොයලා බලද්දී බඩේ ගෙඩියක්.ඩොක්ටර්ස්ලා කිව්වේ ඔපරේෂන් එක ඔක්තෝබර් මාසේ කරන්න.පසුගිය දවසේ නුවරඑළියේ ගිහින් එද්දී වමනේ ගිහින් හොඳටම අමාරු වුණා.ගෙඩිය පුපුරන තරමට අමාරු වුණා.සැප්තැම්බර් මාසේ ඔපරේෂන් එක කළා.ඔය කතාව තමයි අන්තර්ජාලේ පල කරලා තිබුණේ මට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා“

Share

143 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.