ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ලොව පළමු තැනට
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා සිතුවම ලාංකේය සිනමාව නියෝජනය කරමින් සහභාගී වු අන්තර්ජාතික සිනමා උළෙලකදී ලොව හොඳම චිත්‍රපටය වශයෙන් සම්මාන ලබා ගෙන තිබෙනවා.දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ ලෝක සිනමා අංශය යටතේ තරඟ වදිමිනුයි මේ චිත්‍රපටය මේ ආකාරයෙන් සම්මානයට පාත්‍රව ඇත්තේ.
රටවල් කිහිපයකම රංගන ශිල්පී,ශිල්පිණියන්ගේ රංගන දායකත්වයෙන් හැඩ වු මෙම නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන්නේ කලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන ලද සමන් වීරමන් විසිනුයි.එමෙන්ම නවීන් ගුණරත්නයන්ගේ නිෂ්පාදනයෙන් සහ නිෂ්පාදන සැලසුමෙන් දායක වූ මෙම දැවැන්ත සිනමාපටයේ සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතයට පණ පොවන්නේ ගගන් මලක් නම් ඉන්දීය ජාතික රංගන ශිල්පියෙකි
Film Trailer: http://goo.gl/epD2CY
Full Film Review: http://goo.gl/epD2CY
More details: http://goo.gl/Wh7tVd
Written by Cinema.lk A
