පුඤ්ඤසෝම කෝටී 6,රන්ජා කෝටී 2

Avatar Cinema.lk A | June 19, 2014 110 Views 0 Likes 0 Ratings

110 Views 0 Ratings Rate it

මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන්නේ උදයකාන්තගේ කොස්තාපල්  පුඤ්ඤසෝමත් සුනිල් ටී ප්‍රනාන්දු ගේ පනස් පස්වැනි සිනමා නිෂ්පාදනය වු ‘රන්ජා’ ත්ය.මේ වන විට දින 50 සීමාව පසුකර ඇති කොස්තාපල්  පුඤ්ඤසෝම  ආදායම් වාර්තා අලුත් කරමින් තිරගත වන බවටයි ආරංචිය.මේ සිනමාපටය දින පනහ සපුරද්දි එහි සමස්ත ආදායම කෝටි හයක් ඉක්මවා තිබේ.එමෙන්ම රීගල් කොළඹ, ලිඩෝ බොරැල්ල, මහරගම ඇමටි ලයිට්, මෙට්‍රෝ නුගේගොඩ, හිමාලි කිරිබත්ගොඩ යන සිනමා ශාලාවන් හි ආදායම ඉතාම ඉහළ බැව් තමයි වැඩිදුර කරුණු විමසීමෙදී දැනගන්න ලැබුණේ.

ඒ වගේම දින 16ක් පමණක් තිරගත වු රන්ජා ද මේ වන විට ලක්ෂ 250ක ආදායමක් ලබාගෙන තියෙනවා.ලිබර්ටි කොල්ලුපිටිය, ඉම්පාලා රාජගිරිය, රිට්ස් බොරැල්ල, කන්ට්‍රාස් දළුගම සහ අනුෂා මහරගම රන්ජා හි වැඩිම ආදායම්ලත් සිනමාහල් අතරින් කිහිපයකි. හාස්‍යය, කුතුහලය මෙන්ම ක්‍රියාදාමයෙන් ද පිරුණු රන්ජා සුදේශ් වසන්ත පීරිස් ගේ අධ්‍යක්‍ෂණයකි.

Share

110 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.