ස්පන්දන ගීත එළිදැක්වු දා [Video]
ස්පන්දන කියන්නේ සුනෙත්ගේ තුන්වෙනි චිත්‍රපටය.ශලනී,රොෂාන්,දිල්හානි,දර්ශන් සහ මහේන්ද්‍ර වැනි නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් හැඩ වු මෙ සිනමා පටය හොරර් කැටගරියට අයත් වුවක්.ඇත්තටම මේ චිත්‍රපටය බලනකොට ඇගේ හිරිගඩු පිපෙනවා.මොකද ඒ තරමට බය හිතෙනවා මේ චිත්‍රපටය බලද්දී..දැන් ඔයාලා අහයි මේවා අපි කොහොමඳ දන්නේ කියලා.දෙසැම්බර් මාසේ 12 වෙනිදා සුනෙත් මේ චිත්‍රපටයේ ගීත එළිදැක්වුවා.ඔන්න ඔය අවස්ථාවේ මේ චිත්‍රපට මාධ්‍ය ලෝකයේ යාලුවන්ට නරඹන්න අවස්ථාවකුත් එයා සලසලා දුන්නා.ඇත්තටම සිනමා ලෝකය තුල වෙනස්ම වැඩක් කරන්න වෑයම් කරන මේ වගේ තරුණ අධ්‍යක්ෂකවරුන්ට අපි හැම වෙලේම අපගේ දායකත්වය නොමසුරුව ලබා දෙන්න සුදානමින් ඉන්නවා.ආරංචි වෙන විදියට නම් මේ චිත්‍රපටය බොහෝ දුරට මේ වසර තුළදී තිරගත වේවී.ඒ කොහොම උනත් සුනෙත් නම් තවත් චිත්‍රපටයකටත් අතගහලා තියෙන පාටයි.ඒකේ විස්තර අපි පසුවට කියන්නම්.මේ පල්ලේහායින් තියෙන්නේ එදා දවස වුන දේවල් වලින් පොඩ්ඩක්.
Written by Cinema.lk A










