තමිල්නාඩුවට එරෙහි මෙරට කලාකරුවෝ අධිෂ්ඨාන පුජාවක

Avatar Cinema.lk A | April 11, 2013 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

පසුගිය දවසක තමිල්නාඩු සිනමා ක්ෂේත්‍රයට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රංගන ශිල්පීන් හා කාර්මික ශිල්පීන් රැසක් එක් දිනක තිරගත කිරීම් නවතාලමින් උපවාසයක් දියත් කරණු ලැබුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියා කලාපයන්ට විරෝධය පාමිනි.ඔවුන් කළ ඒ ක්‍රියාව හෙලා දකිමින් හා මෙරට සාමකාමී තත්ත්වය හරිහැටි තේරුම් නොගෙන අන්තර්ජාතික මට්ටමින් ඔවුන් ගෙන යන මේ වැඩ පිළිවෙලට විරෝධය පාමින් දැවැන්ත අධිෂ්ඨාන පුජාවක් සංවිධානය කිරීමට මෙරට කලාකරුවන් පියවර ගෙන තිබෙනවා.

මෙරට කලාකරුවන් හා ක්‍රිඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක දායකත්වයෙන් පවත්වන මේ දැවැන්ත අධිෂ්ඨාන පුජාව අද දින සවස 4.30 ට නිදහස් චතුරස්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.දේශපාලනික වාසි පමණක් මුල් කරගනිමින් අන්තවාදි අයුරින් හැසිරෙන මේ දමිළ නළුවන්ට මෙරට සැබැ තත්ත්වය අවබෝධ කරලීමේ අටියෙන් සංවිධානය වන මේ වැඩපිළිවෙල හේතුවෙන් ඊට සහයෝගය දැක්විම සඳහා අද දින තුළ සියලු ටෙලි නාට්‍ය හා චිත්‍රපට රූ ගත කිරීම්ද නවතා තිබෙනවා.

ඉතාමත් සාමාකාමී අයුරින්  දියත් කරන මේ විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දැක්විමට මෙරට සියලුම කලාකරුවන්ට සුදු ඇදුමකින් සැරසී අද දින නිදහස් චතුරස්‍ර භුමීයට රැස්වෙන ලෙසට ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානය ඉතා කෘතඥ පුර්වකව ආරධනා කර සිටිනවා.

Share

39 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.