ලෝ ප්‍රකට ක්වායි පාළම ලංකාවේ ඉදිවෙයි !
Bridge on the River Kwai චිත්‍රපටයේදී කුඩා කැබලි වලට පුපුරුවා විනාශ කරන ලද කිතුල්ගල – කැළණිගඟ හරහා ඉදිකල පාලම ප්‍රතිනිර්මාණය කැරීමට සැරසෙන බව පැවසෙනවා. සංචාරක ආකර්ශණය දිනාගැනීම උදෙසා නිර්මාණය කෙරෙන මේ පාලම 1957 දී පුපුරුවා දැමූ දර්ශණය ලෝක සිනමාවේ සුවිශේෂි සිදුවීමක්.
බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා දශකයකටත් අඩු කාලයකට පසු 1956-1957 සමයේ දී රූගත කල Bridge on the River Kwai චිත්‍රපටය ඔස්කාර් සම්මාන 7ක් දිනාගැනීමට සමත් වූවක්. දෙවන ලෝක යුධ සමයේ තායිලන්තයේ ක්වායි ගඟ අළලා සිදුවූ සිදුවීම් පෙළක් සඳහායි ලංකාවේ කිතුල්ගල ප්‍රදේශය යොදාගෙන ඇත්තේ.
කැළණි ගඟ පාදක කරගනිමින් දිවෙන ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුව ඇති අතර මේ නිසා කිතුල්ගල කැළණිගඟ ආශ්‍රිතව සිදුකරන ජලක්‍රීඩා (Water Rafting) සඳහා බාධාවක් වන බවයි ප්‍රදේශ වාසීන් පවසන්නේ. ජලක්‍රීඩා (Water Rafting) සඳහා ප්‍රසිද්ධ කිතුල්ගල ඉදිවන මේ නව ජල විදුලි ව්‍යාපෘතිය නිසා ඒ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයට අවාසිදායක තත්වයක් උදා වී ඇත. එබැවින් නව සංචාරක ආකර්ශකයක් ලෙස මේ පාලම නිර්මාණය වන බවයි පැවසෙන්නේ.

Bridge on the River Kawai චිත්‍රපටයේ දසුනක්

Bridge on the River Kawai චිත්‍රපටයේ දසුනක්

චිත්‍රපටය රූගත කළ තැන ඉදිවන වාර්මාර්ග ව්‍යාපෘතිය

කිතුල්ගල සංචාරක අවධානය දිනාගත් Water Rafting
Written by Cinema.lk