සුනිල් හෙට්ටිආරච්චි රඟමඬලෙන් සමුගනියි

Avatar Cinema.lk A | December 3, 2015 132 Views 0 Likes 0 Ratings

132 Views 0 Ratings Rate it

ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද අළුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මිය යන විට 78 වන වියේ පුවූ ඒ මහතා කලක සිට රෝගාතුරව සිටියේය.

ටෙලි නාට්‍ය, චිත්‍රපට මෙන්ම ගුවන් විදුලි නාට්‍ය වලටද දායකත්වය දැක්වූ සුනිල් හෙට්ටිආරච්චි මහතා විකට චරිත වලින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ජනප්‍රිය නළුවෙකි.

1982 වසරේ නිර්මාණය කෙරුණු කඩවුණු පෙරොන්දුව චිත්‍රපටයෙන්  සිනමා දිවියට එක්වූ ඒ මහතා හිත හොඳ චණ්ඩියා, නැව ගිළුණත් බෑන් චූං, දෙමෝදර පාලම, චෙරියෝ කැප්ටන්, කම් ඕ ගෝ චිකාගෝ, හායි හූයි බබි ආච්චි, වැඩ බැරි ටාසන්, මචං යන චිත්‍රපට වලට රංගනයෙන් දායක විය.

ada derana

 

Share

132 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.