TRAVEL TO ROME

Avatar Cinema.lk A | January 4, 2013 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

ඉතාලිය හා ලංකාව එක්ව දැවැන්ත සිනමා සිතුවමක් නිර්මාණය කිරීමට මේ වන විට පිඹුරු පත් සකකමින් සිටිනවා.අන්තර්ජාතික මට්ටමින් නිපදවන මේ චිත්‍රපටය නමින් TRAVEL TO ROME.ඉතාමත් ආකර්ශණීය කතා තේමාවකින් සන්නද්ධ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නවක ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂකවරයෙක්.එලෙසම මේ කතාවේ සම පිටපත් රචනයෙන් ලංකාවේ ටෙලි නිර්මාණ ක්ෂේත්‍රෙයේ දැවැන්තයෙක් වන සාරංග මෙන්ඩිස් දායක වේ.ඒ හැරුණු කොට මේ නිර්මාණය සඳහා වැඩි බරක් දරණුයේ ඉතාලි සිනමාවේ දැවැන්ත සිනමා කරුවන් පිරිසක් විසිනි.

කතාව කෙටියෙන්…

කුසල් වර්ණකුලසූරිය ලංකාවේ මීගමුව වෙරළ ආශ‍්‍රිතව ජීවත් වන තරුණයෙකි. තම අධ්‍යාපන කටයුතු නිමකොට රැකියාවක් අපේක්ෂිතව දිවි ගෙවන කුසල් ගත කරන්නේ සිය මිතුරන් සමග කෙළිලොල් ජීවිතයක්. නමුත් ඔහුගේ සිහිනය වන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකු වීමයි. ඔහුගේ දවසේ වැඩි කාලයක් ගතවෙන්නේ සිය මිතුරන් කණ්ඩායම සමග ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදෙමින්ය. නමුත් සාමාන්‍ය පවුලක තරුණයෙක් වූ කුසල්ට ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකු වීමේ සිහිනය එතරම් පහසු ඉලක්කයක් නොවේ. මේ අතර ඔහු වටා පවතින සමාජ පසුබිම සකස් වී ඇත්තේ කෙසේ හෝ ඉතාලියට ගොස් රැකියාවක් සොයාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමේ අභිලාෂයන් මතයි. හොඳින් හෝ නරකින් ඉතාලියට යාම මුහුදු කරයේ තරුණයන්ගේ සිහිනය බවට පරිවර්ථනය වෙමින් ඔහුගේ යහලුවන් කිහිපදෙනෙකුද නීති විරෝධි ක‍්‍රමයකට බෝට්ටු මගින් ඉතාලියට ගොස් ධනවතුන් බවට පත්වෙයි. කුසල්ට තම ක‍්‍රිකට් සිහිනය අමතක කර දමා තම පවුල වෙනුවෙන් ඉතාලිය බලා බෝට්ටුවකින් යාමට සිදුවෙයි.

 

රෝමය ඔහුගේ සිහින නගරයයි. ඔහු එහිදී සිය ජීවිතය ගොඩනගා ගැනීමට අප‍්‍රමාණ වෙහෙසක් දරණ අතර එහිදී අහම්බෙන් හමුවන මිතුරෙකු නිසා ඔහු ඉතාලියේ ක‍්‍රිකට් සමාජයකට බැඳෙයි. ඔහුට සිංහල මිතුරන් හමුවෙයි. ඔවුන් සමග ජීවිතය බෙදා ගනී. ක‍්‍රිකට් සමාජ ජීවිතයේදි ඔහුට ඉතාලි ජාතික තරුණියක් මුණ ගැසෙයි. ඇයත් සම ආදරයෙන් බැඳෙයි.

 

අධ්‍යක්ෂණය                                          – ඩිෂාන් ලෝව්

නිෂ්පාදනය                                            – පියෙත්‍රෝ ඉනුචෙන්ති

ආන්ජලෝ අබාතේ

තිර රචනය                                             – වැලෙන්තිනා ඉනුචෙන්ති

සාරංග මෙන්ඩිස්

කැමරා අධ්‍යක්ෂණය                               -ජානී ලෙයන්තේ

නිෂ්පාදන සම්බන්ධීකරණය                    -චාමිකා මෙන්ඩිස් , සාරංග මෙන්ඩිස්

 

රංගන ශිල්පීන් සහ

අතිරේක ශිල්පීන් සම්බන්ධීකරණය          – නිමන්ත වර්ණකුලසූරිය

 

යෝජිත නළු නිළියන්

මාලනී ෆොන්සේකා, ලකී ඩයස්, වීනා ජයකොඩි,

සබීතා පෙරේරා, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා,

රෙක්ස් කොඩිප්පිලි, කළණ ගුණසේකර, සම්පත් ජයවීර,

ගාමිණි ජයලත්, නිරෝෂන් විජේසිංහ, සෝමවීර ගමගේ,

ශේෂාද්‍රි ප‍්‍රියසාද්, ඩිනක්ෂි ප‍්‍රියසාද්, ශිරෝමිකා ප‍්‍රනාන්දු,

ඉන්දිකා සුබසිංහ, අශිකා මතසිංහ, කුමාර තිරිමාදුර,

සහන් රන්වල, නිමන්ත වර්ණකුලසූරිය, වතික රවිනාත්

Share

46 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.