ගින්දරී අප්‍රේල් මාසයේ
ඔන්න උදයකාන්තගේ ටිකිරි කියන යක්ෂණීයි හා බන්ටියි ලැන්ටියි දෙන්නයි අප්‍රේල් මාසයේ රිදී තිරයට පැමිණෙන්න දින ගනිමිනුයි ඉන්නේ.මේ අය මෙහෙම එන්නේ බහුභුතයෝ දෙවැනි සිනමාපටය ගින්දරී තුළිනි.එය එළඹෙන අප්‍රේල් මාසයේදී රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය.
ලකී ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, පබෝදා සංදීපනී, රිචඩ් මානමුදලි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලෝචනා ඉමාෂි, මැණිකේ අත්තනායක, රවීන්ද්‍ර යසස්, රත්නා සුමනපාල, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි චන්ද්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ්‍රීනාත්, ගාමිණී කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙර්රා, සමන් වීරසිරි, සමන් අල්මේදා, අසංක දේවමිත්‍ර පෙරේරා, ශිරෝමිකා ප්‍රනාන්දු ඇතුළු පිරස ගින්දරී රංගනයෙන් හැඩගන්වයි.
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය උදයකාන්තගෙනි. කේ. ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රවීණ් ජයරත්නගේ සංස්කරණයකි. ආනන්ද පෙරේරා සංගීතයෙන් රස ගන්වා ඇත. කැළුම් ශ්‍රීමාල්ගේ ගී පද රචනයකි. නලින් ප්‍රේමතිලක අංග රචනා ශිල්පියාය. අරුන් ඩයස් කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් ද, අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් ද මේ සඳහා දායක වේ. ශාන්ති වර්ණසූරිය ඇඳුම් නිර්මාණය කොට ඇත. මහේෂ් නිශාන්ත නිශ්චල ඡායාරූප ශිල්පියාය. විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග තිලංක පෙරේරාගෙනි.
Written by Cinema.lk A

















