බහුභූතයෝ 2…ගින්දරී….

Avatar Cinema.lk A | September 11, 2014 93 Views 0 Likes 0 Ratings

93 Views 0 Ratings Rate it

මීට වසර දහකට පමණ ප්‍රථම අපේ දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ඩිජිටල් තාක්ෂණික ක්‍රමෝපායන් පාවිච්චී කරලා සිනමාපටයක් තනනවා.මේ සිනමාපටය නමින් බහුභූතයෝ..
ඒ කාලේ ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගත්ත මේ සිනමාපටයේ වඩාත් ආකර්ෂණීයම චරිතය වුනේ එහි වු රූමත් යක්ෂණියගේ චරිතයයි.මේ චරිතයට පණ පෙව්වේ අපේ ආදරණීය නිළිය පබෝධා සංදීපනීයි.ඔන්න ආයෙත් උදයකාන්ත මේ සිනමාපටයේ දෙවැන්න හදන්න යනවා.ඒ විතරක් නෙවෙයි මේ පාරත් අර යක්ෂණියට ගන්නේ පබෝධමලු…
මේ පාර බහුභුතයෝ 2 සිනමාපටය එන්නේ “ගින්දරී“ කියන අලුත් නමකින්.

බහුබූතයෝ රංගනයෙන් හැඩ කළ මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, රිචඩ් මානමුදලි සහ පබෝදා සංදිපනී ගින්දරී සමඟින් නැවතත් ප්‍රේක්ෂකයන් හමුවීමට නියමිතයි. එයට ලකී ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, මැණීකේ අත්තනායක, ලෝචනා ඉමාෂි, රත්නා සුමනපාල, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි චන්ද්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ්‍රීනාත්, ගාමිණී කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙරේරා, සමන් වීරසිරි, සමන් අල්මේදා සහ අසංක දේවමිත්‍ර පෙරේරා, ශිරෝමිකා ප්‍රනාන්දු සෙසු චරිත මැවීමට සූදානමින් සිටියි.

අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස් සහ තිර රචනය උදයකාන්තගෙනි. කේ. ඩී. දායානන්දගේ කැමරා අධ්‍යක්ෂණයකි. ප්‍රවීණ් ජයරත්න සංස්කරණයෙන් ද, ආනන්ද පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කැලුම් ශ්‍රීමාල් ගීත රචනයෙන් ද, නලීන් ප්‍රේමතිලක අංග රචනයෙන් ද ගින්දරී හැඩ කරන්නට දායක වේ. අරුණ ඩයස්ගේ කලා අධ්‍යක්ෂණයකි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරුය. ශාන්ති වර්ණසූරිය ඇඳුම් නිර්මාණයෙන් එක්වෙයි. මහේෂ් නිශාන්තගේ නිශ්චල ඡායාරූපකරණයකි. ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් ආයතනය වෙනුවෙන් තිලංග පෙරේරා විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග සකසයි.

 

Share

93 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.