උදයකාන්තගෙන් පටාචාරා පුවත චිත්‍රපටයකට

Avatar Cinema.lk A | October 19, 2012 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

මේ දිනවල සාර්ථකව තිරගතවන සෙනසුරු මාරුව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි  උදයකාන්ත වර්ණසුරිය.තවමත් තිරගත වෙලා නැති රන් කෙවිට 2 හා කොස්තාපල් පුඤ්ඤසෝම වැනි චිත්‍රපටයන් හීද නිර්මාණකරු උදයකාන්තයි.මෙසේ තිරගත වීමට චිත්‍රපට දෙකක් තිබියදී ඔහු තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සුදානම් වෙනවා.ඔහුගේ මේ නවතම චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ ඓතිහාසික කතා පුවතක්.ආරංචියේ හැටියට නම් ඔහු මේ චිත්‍රපටය නිර්මාණය කරන්න හදන්නේ බෞද්ධ ථෙරී ගාථාවන්හි එන පටාචාරා පුවත ඇසුරෙන්ලු.කොහොම උනත් දැන් මේ බිහිවෙන ඓතිහාසික කතා තේමාවන් රැගත් චිත්‍රපට ගොන්නේ උදයගේ චිත්‍රපටය ඉදිරියටම එනු ඇති බවටයි වැඩි දෙනාගේ මතය.

තවද මෙලෙස උදයකාන්ත ඓතිහාසික පුවතක් චිත්‍රපටයට නගන්නේ මුල් වතාවටයි. මෙය උදයකාන්තගේ දහනව වැනි චිත්‍රපටයයි. පටාචාරා පුවත මෙයට පෙර ද විමලනාත් දිසානායකයන් චිත්‍රපටයකට නගා ඇත.

Share

78 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.