විහාරමහා දේවීත් එනවා….

Avatar Cinema.lk A | January 17, 2014 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

සිංහල සිනමාවට මේ දිනවල එක පිට එක චිත්‍රපට ගලා එන්න පටන්ගෙන ඇත.හැබැයි කොච්චරක් සිනමා පට හැඳුනත් තාමත් හැදෙන්නේ ඓතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපටයි.අබාගෙන් ඇරඹී මේ ඓතිහාසික සිනමා චිත්‍රපට මාලාව කුස පබාගෙන් නවතී යැයි ඇතමෙක් සිතුවේය.නමුත් සිරිපැරකුම් ආවේය.මේ රැල්ල නැවතුනේ නැත.ඉන්පසු සිරිදළඳාගමනය…මෙය නවතින පාටක් පෙන්න නැතිවාය.මක්නිසාද  සිරිදළඳාගමනයටද පසුව අජාසත්ත,අනගාරික ධර්මපාල,මේ අයුරින් නොයේක විධ ඒවා තවමත් හැදෙමින් එන්නට බලාගෙන සිටි.

මේ ගොන්නට අලුතින්ම එකතුවන්නට බලාගෙන තවත් එකක් ඇත.ඒ විහාරමහාදේවීයි…විහාරමහාදේවී සිනමාපටය  වී. උපුල් සුදත් පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවේ.මේ සිනමාපටයේ විහාරමහාදේවී චරිතය නිරුපණය සඳහා එකතුවන්නේ නව පරපුරේ නිළියක් වු ඉෂරා සඳමිණියි.මෙහි අනෙකුත් චරිතයන් සඳහා ශ්‍රියානි අමරසේන, සඳුන් විජේසිරි, ඩී. බී. ගංගොඩතැන්න ඇතුළු පිරිස කරනු ලබයි.ගාමිණී කොස්තා අංග රචනයෙන් එක්වෙයි. හිමාල් සජීව පෙරේරා සහ උපුල් සුදත් පෙරේරා විහාර මහ දේවි සිනමාපටය නිෂ්පාදනය කරනු ලබයි.

Share

55 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.