විජය චිත්‍රපට උළෙල 14, 15, 16 දා
විජය කුමාරතුංගගේ 27 වැනි ගුණ සමරුව 16 නිමිත්තෙන් විජය චිත්‍රපට උළෙලක් සහ විජය ගායන තරුව තේරීමේ තරගයක් විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය මඟින් සංවිධානය කර තිබෙ.
මෙම 14, 15, 16 දිනයන්හි විජය රඟපෑ චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය වේ. ඒ උදෑසන 10.00 ට මරදාන ටවර් රඟහලේදීය. 16 වැනිදා සවස 6.00 ට ටවර් රඟහලේ පැවැත්වෙන විජය අනුස්මරණ උත්සවයේ දී ඔහු ගැයූ ජනප්‍රිය ගී ගායනා කළ නවක ගායකයන් අතරෙන් ‘විජය ගී තරුව’ තෝරා ගැනීම ද සිදු කෙරේ. තරගකරුවන් රාශියක් අතරෙන් අවසන් වටය සඳහා තෝරා ගනු ලැබූ ශිල්පීන් දොළොස් දෙනකු අතරෙන් ජයග්‍රාහකයා තෝරා ගැනීමට නියමිතය. ජනප්‍රිය නළු ක්ලීටස් මෙන්ඩිස් ආරාධිත ගායකයකු ලෙස සහභාගි වන මෙහි සංගීතය මෙහෙය වන්නේ සමීර හෙට්ටිආරච්චි ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි.
විජය කුමාරතුංගයන්ගේ කලා දිවිය අළලා කෙටි වාර්තාමය චිත්‍රපටයක් ද එදින ප්‍රදර්ශනය කෙරේ. ඔහුගේ රංගන දිවිය පිළිබඳ කෙටි දෙසුමක් ද පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන්නේ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ය.
මෙදින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතායි.
Written by Cinema.lk A
