අන්තවාදී කණ්ඩායම් හි විරෝධය නිසා ප්‍රසන්නගේ චිත්‍රපටය ගැලවේ

Avatar Cinema.lk A | June 23, 2014 45 Views 0 Likes 0 Ratings

45 Views 0 Ratings Rate it

ප්‍රසන්න විතානගේ නම් ප්‍රතිභාපුර්ණ සිනමාවේදීයාගේ නවතම සිනමාපටය “ඔබ නැතුව ඔබ එක්ක“ ඉන්දියාවේ සිනමාශාලා කිහිපයක තිරගත වීම ඇරඹුවේ පසුගිය විසිවනදා පටන්ය.ඉන්දියානු නිළියක් වු අන්ජලී පටෙල් හා ලාංකේය නළුවකු වු ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන භුමිකා හොබවන මෙම සිනමාපටයේ මුලික වස්තු බීජය වුයේ පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සිද්ධියකි.විවිධ සමාජ වෙබ් අඩවි මඟින් කෙරුණු ප්‍රචාරණයන් නිසාවෙන් මුල් සතියේ පටන් ඉන්දියාවේ පී.වී.ආර් මණ්ඩලයට අයත් සිනමාශාලා දාහතක තිරගත වු මෙම සිනමාපටයට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තිබුණා.නමුත් ලැබෙන නවතම ආරංචි මාර්ග අනුව විවිධ ද්‍රවිඩ සංවිධාන මේ චිත්‍රපටය නතරකරන්නැයි කියා සිදුකල උද්ඝෝෂණයන් හේතුවෙන් මෙම සිනමාපටය එම ශාලාවලින් ඉවත් කරගෙන තිබෙනවා.

මීන් ප්‍රථම සන්තෝෂ් සිවන් ගේ “සීලෝන්“ සිනමාපටයටක්,ජෝන් ඒබ්‍රහම් රැඟු “මැඩ්රාස් කැෆේ“ සිනමාපටයටත් මේ අන්තවාදි පීරීස්ගේ විරෝධය එල්ල වී තිබුණා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වූ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබීය.  මේ චිත්‍රපටයේ ඇය නිරූපණය කරන්නේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි.

10170729_727928763894140_1749202721_n

Share

45 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.